වැරදි කරන මන්ත්‍රීවරුන්ට ලැබෙන දඬුවම ගැන පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

2024 නව වසරේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී කතානායකවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් නියම කළ හැකි උපරිම දඬුවම පිළිබඳ නීතිපතිවරයාගේ මතය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

යම් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් නිකුත් කරන ලද චෝදනා පත්‍රයක වෙන් වෙන් වූ වැරදි දෙකක් හෝ වැඩි ගණනක් සඳහා චෝදනා වෙන් වෙන් වශයෙන් එකකට වඩා වැඩි ගණනක් දක්වා ඇති විට, සහ එකී මන්ත්‍රීවරයා එකී චෝදනා පත්‍රයේ දක්වා ඇති චෝදනාවලින් එකකට වඩා වැඩි ගණනකට වරදකරු වී ඇති අවස්ථාවක, කලින් කලට සංශෝධිත 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ 28 වගන්තිය ප්‍රකාරව නියම කළ හැකි උපරිම දඬුවම පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසූ බවයි කතානායකවරයා සඳහන් කළේ.

ඒ අනුව, නීතිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) සහ 67 ව්‍යවස්ථා, කලින් කලට සංශෝධිත 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ 22(3), 27(1) සහ 32 වගන්ති සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 77(1), 77(2) සහ 77(3) සහ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 5 සහ 16(1) වැනි වගන්ති සලකා බලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) ව්‍යවස්ථාවට යටත්ව, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 5 සහ 16(1) වගන්තියේ විධිවිධාන අනුගමනය කරමින් දඬුවම් කළ හැකි බවට මතය පැහැදිලි කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

ඒ අනුව, එක් සිද්ධියක් සඳහා චෝදනා පත්‍රයේ වෙන් වෙන් වූ වැරදි දෙකක් හෝ වැඩි ගණනකට, යම් මන්ත්‍රීවරයෙකු වරදකරු වී ඇති අවස්ථාවක, පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ 28 වගන්තිය යටතේ මන්ත්‍රීවරයෙකුගේ සේවය අත්හිටුවීම එක් මාසයක් ඉක්මවන කාල සීමාවක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) ව්‍යවස්ථාව අනුව මාස තුනක උපරිමයකට යටත්ව නියම කළහැකි බව නිරීක්ෂණය වන බව ද කථානායකවරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර 2023‍ දෙසැම්බර් 12 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී පාර්ලිමේන්තු සංසද දෙකක් ස්ථාපිත කිරීම සඳහා අනුමතිය හිමි වී ඇති බව කථානායකවරයා දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව මහාචාර්ය තිස්ස විතාරණ සහ තවත් මන්ත්‍රීවරුන් 09 දෙනෙකු විසින් කරන ලද ඉල්ලීම පරිදි “ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක්” (Caucus of Medical Parliamentarians Sri Lanka) ස්ථාපිත කිරීමට සහ ඉරාන් වික්‍රමරත්න මහතා සහ තවත් මන්ත්‍රීවරුන් 21 දෙනෙකු විසින් කරන ලද ඉල්ලීම පරිදි “ශ්‍රී ලංකා දේශගුණ පාර්ලිමේන්තු සංසදයක්” (Climate Parliament of Sri Lanka) ස්ථාපිත කිරීම අනුමතිය හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32