වැටුප රුපියල් 20,000කින් වැඩි කරනු – දිවයින පුරා දීප ව්‍යාප්ත විරෝධතාවක්

රාජ්‍ය සේවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (30) දීප ව්‍යාප්ත ව පැවැති උද්ඝෝෂණ මාලාවට සමගාමී ව කැකිරාව මැතිවරණ කොට්ඨාසයට අයත් කැකිරාව – පලාගල, ඉපලෝගම හා පලුගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට දී ද එම ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරීන් ඇතුලු රාජ්‍ය සේවකයෝ පිරිසක් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වූවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබූ බවයි.

පලාගල, පලුගස්වැව හා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් ඇතුලු රාජ්‍ය සේවකයන් මීට එක් ව සිටියා.

ඉහළ යන භාණ්ඩ හා සේවා මිල හමුවේ ලැබෙන වැටුපෙන් ජීවත් විය නොහැකි බවත්; ඒ හේතුවෙන් රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක් හා 1016 දී අහිමි කළ පුර්ණ විශ්‍රාම වැටුප් ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි උද්ඝෝෂණය සිදු කළේ.

රටෙහි පවතින භාණ්ඩ හා සේවා මිල ද මේ වනවිට සියයට 300-400 ගුණයකින් ඉහළ ගොස් ඇති බව ද උද්ඝෝෂකයන් චෝදනා කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17