spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැටුප රුපියල් 20,000කින් වැඩි කරනු – දිවයින පුරා දීප ව්‍යාප්ත විරෝධතාවක්

රාජ්‍ය සේවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (30) දීප ව්‍යාප්ත ව පැවැති උද්ඝෝෂණ මාලාවට සමගාමී ව කැකිරාව මැතිවරණ කොට්ඨාසයට අයත් කැකිරාව – පලාගල, ඉපලෝගම හා පලුගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට දී ද එම ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරීන් ඇතුලු රාජ්‍ය සේවකයෝ පිරිසක් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වූවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබූ බවයි.

පලාගල, පලුගස්වැව හා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් ඇතුලු රාජ්‍ය සේවකයන් මීට එක් ව සිටියා.

ඉහළ යන භාණ්ඩ හා සේවා මිල හමුවේ ලැබෙන වැටුපෙන් ජීවත් විය නොහැකි බවත්; ඒ හේතුවෙන් රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක් හා 1016 දී අහිමි කළ පුර්ණ විශ්‍රාම වැටුප් ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි උද්ඝෝෂණය සිදු කළේ.

රටෙහි පවතින භාණ්ඩ හා සේවා මිල ද මේ වනවිට සියයට 300-400 ගුණයකින් ඉහළ ගොස් ඇති බව ද උද්ඝෝෂකයන් චෝදනා කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?