වැග්නර් ලොක්කා මිය ගොස් ඇති බවට තහවුරු වෙයි

පසුගිය බදාදා (25) සිදු වූ ගුවන් අනතුරෙන් පසු වැග්නර් කුලී හමුදාවේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් මියගොස් ඇති බව රුසියානු බලධාරීන් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඒ, එම අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු පිළිබඳ සිදුකළ ජාන විශ්ලේෂණයෙන් පසුවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ විමර්ශන කමිටුව පැවසුවේ මියගිය 10 දෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ඇති බවත්, ගුවන් මගීන්ගේ ලැයිස්තුවේ සිටින අයට එය අනුරූප වන බවයි.

වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් මියගොස් ඇති බවට වගකිව යුතු කිසිඳු අංශයක් නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුනොකර තිබූ අතර, මෙතෙක් පැවතියේ ප්‍රිගොෂින් මියගොස් ඇති බවට අනුමානයක් පමණයි.

ප්‍රිගොෂින්ගේ පෞද්ගලික ජෙට් යානය පසුගිය 25 වන දින මොස්කව් අගනුවරට වයඹ දෙසින් පිහිටි ට්වර් ප්‍රදේශයේ දී කඩාවැටීමෙන් අනතුරට ලක්ව තිබුණා.

  1. IF HE ALIVE MAY CONTEST TO THE NEXT PRESIDENCY OF RUSSIA. BECAUSE HE IS A POPULAR CHARACHTER IN RUSSIA. HE STOPPED THE WAR AGAINST THE RUSSIA BECAUSE OF HE DO NOT LIKE TO DAMAGE THE PEOPLE OF RUSSIA. PEOPLE KNOW THAT.