spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාර්තා අතරට ගිය ශ්‍රී ලංකා ඉනිම පනහෙන් නවතී

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ දී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියලු දෙනා ලකුණු 50 කට දවාගන්නට ඉන්දීය ප්‍රබල පන්දු යැවීමේ බලඇණිය සමත් වුණා.

ඒ, අනුව එක්දින තරගයක කණ්ඩායමක් දැවී ගිය 10 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසට ද ශ්‍රී ලංකා ඉනිම වාර්තා අතරට එක්වනවා.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් පන්දුවාර 07ක් තුළ ලකුණු 21කට කඩුලු 06ක් බිඳ දැමුවා.

ඊට අමතරව හර්දික් පාණ්ඩ්‍යා ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 15යි පන්දු 02ක් තුළ ලකුණු 50කට සීමා වූ අතර, 2023 ආසියානු කුසලානය ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය පිළට ලකුණු 51ක ඉතා පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
3
+1
22
+1
1
+1
8
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?