වානිජ බැංකු සහ මූල්‍ය ආයතනවලින් වාහන සඳහා ණය දෙන ප්‍රතිශතයන්වල වෙනසක්

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි ලීසිං ආයතන විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ අනුපාතයන් සංශෝධනය කර තිබෙනවා.

ඊට අදාළ නව මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (17) නිකුත් කරනු ලැබුවා.

2018 පෙබරවාරි 08 දින නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරමිනුයි ඊයේ (2025 ජූලි 17) දිනයේ නව මාර්ගෝපදේශයන් ප්‍රකාශයට පත්කර ඇත්තේ.

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිතයට ගෙන ඇති සියලු වාහන සඳහා මෙම නියමයන් බලපැවැත්වෙන බවයි මහ බැංකුව සඳහන් කළේ.

ඒ, අනුව 2018 මාර්ගෝපදේශයන් යටතේ ඉලෙක්ට්‍රික් කාණ්ඩය යටතේ වාහනයේ වටිනාකමින් 90% ක් දක්වා මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව; වානිජ වාහන වෙනුවෙන් 80%ක්, මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 60%ක්, ත්‍රීරෝදරථ සඳහා 50%ක් සහ වෙනත් වාහන සඳහා 70% ක් දක්වා මෙම නව මාර්ගෝපදේශ යටතේ අඩුකර තිබෙනවා.

අමතරව ඉලෙක්ට්‍රික් නොවන වානිජ වාහන සඳහා මෙතෙක් හිමිව තිබූ 90% ක මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව 80%ක් දක්වා අඩුකර ඇති බව සඳහන්.

එමෙන්ම ඉලෙක්ට්‍රික් නොවන මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා තිබූ 50%ක ණය සීමාව 60%ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඉලෙක්ට්‍රික් නොවන ත්‍රීවීල් රථ සඳහා වටිනාකමින් 25% ක් දක්වා පමණක් මෙතෙක් මූල්‍ය පහසුකම් ලබාගැනීමට තිබුණු අවස්ථාව මෙම නව මාර්ගෝපදේශ යටතේ 50% ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම හයිබ්‍රිඩ් කාර්, SUV සහ වෑන් රථ සඳහා 70%ක් දක්වා මූල්‍ය පහසුකම් ලබාගැනීමට මීට පෙර දී තිබූ අවස්ථාව ඉවත් කිරීමත් සමඟි 60% ක් දක්වා පහළට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
10
+1
14
+1
3
+1
1
+1
7
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල සහ ටී.බී. සරත් එකටම ගිය ගමන - දැන් දේශපාලකයන්ට පාර්ලිමේන්තුවේ චෝදනා එන්නේ නෑ
11:09
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14
Video thumbnail
ලාල් කාන්ත ඉන්න ඕනේ හිරේ
02:21
Video thumbnail
විශ්ව ලයිව් ඇවිත් කාවඩි ගැන හෙළිකරපු දේ - පාතාලයට බයේද කාවඩි නැවැත්තුවේ ?
03:05