ව්‍යාජ රත්‍රන් ජාවාරමකට 4ක් අත්අඩංගුවට (ඡායාරූප)

ව්‍යාජ රත්‍රන් නිශ්පාදනය කර බැංකුවලට උකසට තබන කණ්ඩායමක 4 දෙනකු පුත්තලම මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම නගරයේ ඇති රජයේ බැංකුවකින් ලැබුණු පැමිණිල්ලකට අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණේ.

පුත්තලම පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින්ට මෙම ව්‍යාජ රත්‍රන් නිශ්පාදනාගාරය සොයා ගැනීමට හැකි වී ඇති අතර ඒ සඳහා භාවිතා කරනු ලබන උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් ටන්ස්ටන් ලෝහය උපයෝගී කරගෙන ඊට රත්‍රන් ආලේප කර ඒවා පුත්තලම නගරයේ ඇති බැංකු රැසකට උකස් කර බැංකුවලින් ලක්ෂ ගණනක මුදල් ලබා ගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පුත්තලම නගරයේ රජයේ බැංකුවකට ඊයේ (05) උදෑසන මෙලෙස ව්‍යාජ ලෙස සාදන ලද මුද්දක් උකස් කිරීමට යාමේදී බැංකු නිලධාරින්ට සැක සිතී පුත්තලම පොලිසයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදු කර තිබෙනවා.

එහිදී යි පුත්තලම සින්නනාගවිල්ළුව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ රත්‍රන් නිශ්පාදනාගාරය සොයාගෙන ඇත්තේ.

එහිදී සිද්ධියට අදාළව සැකරුවන් 4 දෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පුත්තලම සිරම්බිඅඩිය සහ මනගුන්ඩුව යන ප්‍රදේශවල පදංචිකරුවන්.

මෙලෙස බැංකුවේ උකස් කර ඇති තවත් ව්‍යාජ රත්‍රන් මුදු අධිකරණ නියෝග මත හෙට පොලිස් භාරයට ගැනීමට නියමිතයි.

රට පුරා මේ අකාරයෙන් විවිධ ස්ථානවල උකසට තබා ඇති රන් භාණ්ඩ පිළිබඳ තොරතුරු සොයා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙම ජාවාරමට හසුවූ අයෙක් ඇත්නම් පුත්තලම පොලිසයේ අපරාධ අංශයට තොරතුරු ලබා දෙන ලෙසටයි පොලිසය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46