වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස් වෙයි

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ජනාධිපති කාර්යාලයේ දී රැස් වී තිබෙනවා.

මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂනායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07දෙනෙකුගෙන් සමන්විතයි.

පත්කරන ලද සාමාජිකයෙක් ලෙස පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ද කටයුතු කරනවා.

වසර හතරකට පසු රැස් වූ මෙම පාලක සභා රැස්වීමට සියලු සාමාජිකයන් සහභාගී වූ අතර ඊට සහභාගී නොවී සිටියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පමණයි.

ජනාධිපති අරමුදලෙන් මහජනතාවට ලබා දෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා තිබෙන අතර එම කටයුතු පිළිබඳ මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපති අරමුදල සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන ආදායම හා විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මුදල් යොදවනු ලබන අතර, ජනාධිපති අරමුදල වෙත ලැබෙන මුදලින් කොටසක් “මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යභාර අරමුදල” වෙත ප්‍රදානය කෙරෙනවා.

අරමුදල් පනතෙහි බලතල ප්‍රකාරව අරමුදල ආරම්භයේ සිට මේ දක්වා මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මෙම අරමුදල විශාල කාර්යයක් සිදුකර තිබෙනවා.

විශේෂයෙන්ම ජනාධිපති අරමුදල තම අරමුණු අතරින් වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ දරිද්‍රතාවයට සහන සැලසීම ප්‍රමුඛ පරමාර්ථය කර ගනිමින් රෝගී ජනතාව සඳහා වෛද්‍යාධාර ලබා දීමටයි.

මේ යටතේ විවිධ රෝගාබාධ, සැත්කම් හා වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මූල්‍යාධාර සැපයීම සිදු කරනු ලබනවා.

ජනාධිපති අරමුදල වෙත ලැබී තිබූ ගොනු 12,000ක් පමණ වන වෛද්‍යාධාර ඉල්ලීම් ජනාධිපතිවරයාගේ උපදෙස් හා ජනාධිපති ලේකම්වරයාගේ මඟපෙන්වීම යටතේ 2022-12-31 වන දින වන විට අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඒ අනුව ගොඩගැසී තිබූ අයදුම්පත්වල වැඩකටයුතු අවසන් කර සුදුස්සන් වෙත ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කෙරුණු අතර, ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1,717කට අධිකයි.

ඇතැම් අවස්ථාව දී වෛද්‍යාධාර ඉල්ලුම්කරුවන් වෙත වෛද්‍යාධාර ලබාදීමට වසර ගණනක් ගත වූ අවස්ථා ද දැකගත ගත හැකි අතර ඊට පිළියමක් ලෙස ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතාගේ මගපෙන්වීම යටතේ අයදුම් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා සරල කෙරුණු අතර, ඒ අනුව සතියකටත් අඩු කාලයක් තුළ ඉල්ලුම්කරුවන්ට ප්‍රතිලාභ ලබාගත හැකි පරිදි එම නව ක්‍රමවේදය කාර්යක්ෂම කර තිබෙනවා.

වෛද්‍ය ප්‍රතිලාභ ලබාදීම සඳහා අනුමත රෝහල් ප්‍රධාන නගර ආශ්‍රිතව කේන්ද්‍රගතව ඇති බැවින් ග්‍රාමීයව පිහිටි රෝහල් ද ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමෙන් දුරබැහැර ප්‍රදේශවල රෝගීන්ට ප්‍රතිකාර/සැත්කම් ග්‍රාමිය ප්‍රදේශවල අනුමත රෝහල්වලින් සිදු කර ගැනීමට වෛද්‍යාධාර ලබාදීමේ පහසුකම් සලසා තිබෙනවා.

එසේම මේ දක්වා ජනාධිපති අරමුදලින් මූල්‍යධාර ලබා දුන් රෝගවලට අමතරව රෝගීන්ගේ ඉල්ලීම් ද සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශය සහිතව නව රෝග ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇති අතර එමඟින් රෝගීන් විශාල සංඛ්‍යාවකට සෙත සැලසී තිබෙනවා.

වර්තමාන ආර්ථික තත්ත්වය හා සැත්කම් / ප්‍රතිකාර සඳහා යන වියදම සලකා බලා වෛද්‍යාධාර ලෙස සියලුම රෝග සඳහා ගෙවනු ලබන වෛද්‍යාධාරයේ උපරිම සීමාවන් වැඩි කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මේ යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන් සඳහා තම ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීමට සහාය වීමට ද ජනාධිපති අරමුදල කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01