වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109ක් යළි මුල් පදිංචිකරුවන්ට

සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109කට ආසන්න ප්‍රමාණයක් යළි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම හෙට (03) සිදු කෙරෙනවා.

පෙබරවාරි 04 වනදාට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට පෙර උතුරේ ඉඩම් නිදහස් කර මුල් පදිංචි කරුවන් වෙත බාර දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් පොරොන්දුව ඉටු කරමිනුයි ආරක්ෂක අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ.

මෙසේ බාර දෙනු ලබන බිම් කොටස් අතර යුද හමුදාව භාවිතයේ පැවති බිම් කොටස් 05ක් සහ නාවික හමුදාව භාවිතයේ පැවති එක් බිම් කොටසක් ද වන අතර අදාළ ඉඩම් හිමිකරුවන් හඳුනා ගැනීම විනිවිදභාවයෙන් යුතුව සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

යුද්ධය හේතුවෙන් අවතැන් වී තවමත් පේදුරුතුඩුවේ කඳවුරු 9ක රැඳී සිටින පවුල් 75ක් සඳහා උතුරු පලාලි ප්‍රදේශයෙන් රජය සතු ඉඩම් අක්කර 13ක් බෙදා දීමට නියමිතයි.

මෙසේ නිදහස් කරනු ලබන භූමි ප්‍රදේශයේ පිහිටි නගර සභා ශාලාව වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවට බාර දීම ද හෙට සිදු කෙරෙනවා.

මේ අතර නැවත පදිංචි කිරීමට නියමිත පවුල් 197කට නැවත පදිංචි කිරීමේ ආධාර කඩිනමින් ලබාදෙන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පදිංචි කිරීමේ විෂය භාර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01