spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලානයට පෙර බංග්ලාදේශයට 20-20 තරගාවලියක්

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර බංග්ලාදේශ කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපදය සමඟ විස්සයි විස්ස තරගාවලියකට එක්වන බව වාර්තා වනවා.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය ලබන මැයි මාසයේ දී ඇමරිකාවේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඒ, අනුව බංග්ලාදේශය සහ ඇමරිකාව අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වර්තාවටයි.

මේ අතර ලෝක කුසලානයට පෙර බංග්ලාදේශයට ක්‍රීඩා කිරීමට තිබූ අවසන් විස්සයි විස්ස තරගාවලිය ලෙස
ශ්‍රී ලංකාව සමඟ නිමා වූ විස්සයි විස්ස තරගාවලිය දැක් වුණා.

කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් සම සත්කාරකත්වය දරණ විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලිය සඳහා සූදානම්වීමට බංග්ලාදේශය සහ ඇමරිකාව මෙම තරගාවලිය භාවිත කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?