ලෝකයම හඳුනන අරක්කැමියා ගැන FIFA විමර්ශනයක් අරඹයි (ඡායාරූප)

ලොව ජනප්‍රිය අරක්කැමියෙකු වන ‘සෝල්ට් බේ’ නැමැත්තා ලෝක කුසලාන අවසන් තරගයෙන් පසු ක්‍රීඩා පිටිය තුළට පැමිණියේ කෙසේදැයි යන්න පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු කවුන්සිලය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සුප්‍රසිද්ධ මස් වෙළෙන්දෙකු සහ අරක්කැමියෙකු වන තුර්කි ජාතික ‘සෝල්ට් බේ’ නැමැති මෙම පුද්ගලයා FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය ආර්ජන්ටිනාව ජය ගැනීමත් සමඟ පිටිය තුළට පැමිණ එහි හැසිරෙන අයුරු දැක්වෙන දර්ශන සහ ඡායාරූප පසුගිය දින කිහිපයේදීම සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

එලෙස පිටිය තුළට ඇතුළු වී සිටි ඔහු එහිදී තම වෙළඳ ලකුණ ප්‍රදර්ශනය කිරීම සඳහා පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනා ක්‍රීඩකයෙකුගේ දරුවෙකුගේ අතින් උදුරා ගන්නා ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ සිදුවීමක් වුණා.

කෙසේ වෙතත් එම සිදුවීම බොහෝ දෙනෙක් පුළුල් ලෙස හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එහිදී ‘සෝල්ට් බේ’ FIFA VIP අවසර පත්‍රයක් පැළඳ සිටි අතර, ඔහු කුසලානය අල්ලාගෙන, එය සිපගෙන තම හිසට උඩින් තබාගෙන සිටින අයුරු කැමරා ශිල්පීන්ගේ කැමරා කාචවල සටහන්ව තිබුණා.

කෙසේ වෙතත් FIFA නීති රීතිවලට අනුව ලෝක කුසලානය ස්පර්ශ කළ හැක්කේ හිටපු ජයග්‍රාහකයින්, වත්මන් ජයග්‍රාහකයින් සහ රාජ්‍ය නායකයින් ඇතුළු තෝරාගත් ඉතා සුළු පිරිසකට පමණයි

එවැනි තත්ත්වයක් තුළ ‘සෝල්ට් බේ’ නැමැති මෙම අරක්කැමියා ලෝක කුසලාන අවසන් මහා තරගය පැවති ක්‍රීඩා පිටියට පැමිණ කුසලානය ස්පර්ශ කර එය සමඟ ඡායාරූප ලබාගත්තේ කෙසේ ද යන්න පිළිබදව විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31