spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෙජන්ඩ්ස් ලීග් 20-20 තරගාවලියට සියල්ල සූදානම්

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය අනිද්දා (17) වනදා ආරම්භ කිරීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.

මෙම තරගාවලියට සමගාමීව අදට යෙදී ඇති ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස තරගයක් හෙට (16) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

හිටපු ඉන්දීය ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඉන්දිය මහාරාජාස් කණ්ඩායම සහ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ලෝක කණ්ඩායම අතර මෙම තරගය පැවැත් වෙනවා.

මෙම තරගයේ දී හිටපු නායකයෙකු වන සෞරව් ගංගුලි ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදීමට නියමිත අතර ලෝක කණ්ඩායම මෙහෙය වන්නේ එංගලන්ත හිටපු නායක ඔයින් මෝර්ගන් විසින්.

මෙහිදී ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන සනත් ජයසූරිය සහ මුත්තායියා මුරලිදරන් ලෝක කණ්ඩායම නියෝජනකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?