spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලයිට් බිල ඉහළ නංවන ඇමතිගේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (02) දිනයේ දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ගෙන ඒමට නියමිතයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගාස්තු වැඩිවීමේ යෝජනාවක් අයක්‍රම ක්‍රමවේදයට අනුව සකස් කර එය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ යුතු වනවා.

කෙසේ වෙතත් විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවයි එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

මෙම අවස්ථාවේ රටේ පවතින තත්ත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිඳු අවස්ථාවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකරමින් අත්සන් 69 ලක්ෂයක් ලබාගැනීමේ විරෝධතා වැඩසටහන ඊයේ මාතර ප්‍රදේශයෙන් ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?