රු. 51,000ක් අයිස්ක්‍රීම් එකක් සහ බූන්දි පාර්සලයක් අම්බලන්ගොඩ පොලිසිය අතුරුදන් කරයි.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ රථ වාහන පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් රුපියල් 51 000ක මුදලක් අතුරුදන් කර ඇතැයි වාර්තා වේ.

මීට මාස දෙකකට පමණ ඉහත දී අම්බලන්ගොඩ නගරයේ පාරේ නවතා තිබූ යතුරු පැදියක් අම්බලන්ගොඩ රථවාහන පොලිසිය විසින් රැගෙන ගොස් තිබේ. ඒ මාර්ගයේ රථ වාහන නැවැත්විය නෙහෙැකි ස්ථානයක එම යතුරු පැදිය නවතා තිබීම නිසා බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම රැගෙන ගිය යතුරු පැදියේ තිබූ රුපියල් 51 000ක මුදලක් පොඩි ළමුන් සදහා රැගෙන යමින් තිබූ අයිස් ක්‍රීම් එකක් බූන්දි පාර්සලයක් සහ ඔහුගේ පසුම්බියේ තිබූ කාඩ්පත් ආදිය සියල්ල අතුරන් වී ඇතැයි වාර්තා වේ. යතුරු පැදිකරු විසින් මුදල් පසුම්බිය බසිකලය තුලට දමන දර්ශනද සී. සී.ටීවී. දර්ශන තුල දක්නට ලැබෙන බවද වාර්තා වේ.

පසුව මේ පිළිබදව පැමිණිලි කිරීමට ගියද ඔහුගේ පැමිණිල්ල බාර ගැනීම අම්බලන්ගොඩ පොලිසිය ප්‍රතික්ෂේපකර ඇතැයි වාර්තා වේ. පසුව ඔහු පොලිස් සහන මැදිරිය අමතා පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා හමුවූ අවස්තාවේ ඔහු යතුරු පැදිකරුට පවසා ඇත්තේ තම නිලධාරීන් අත වරද බවත් දින දෙකක් තුනක් ඇතුලත සියළුම දේවල්ද ලැබීමට සලස්වන බවත්ය. ඒ පිලිබද හඩ පටද එම පුද්ගයා ලග තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ගැටළුවට විසදුම් නොලැබීම හේතුවෙන් ඔහු දකුණු පළාත භාර පොලිස්පතිවරයා මුණ ගැසී ගැටළුව ඉදිරිපත් කරත් එයින්ද ඔහුට විසදුමක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව ඔහු පොලිස් මූලස්ථානය වෙත ගොස් නැවත වරත් පැමිණිලි කර ඇති අතර එයින්ද මේ වන තෙක් විසදුම් නොලැබීම නිසා නීතීඥවරු මගින් නීතය ක්‍රියාත්මක කිරීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටන බවද වාර්තා වේ.

මේ වන විට ඔහු මානව හිමිකම් කොමිසමටද මේ පිළිබදව පවැමිණිලිකර ඇති අතර ඉදිරියේදී මෙම නිලධාරීන් මානව හිමිකම් කොමිසමටද කැදවීමටද නියමිත බව වාර්තා වේ. මේ සදහා රථ වාහන අංශයේ නිලධාරීන් සෘජූවම වගකිව යුතු බව ඔහු සදහන් කර ඇතැයි වාර්තා වේ.

මේ වන විට ඔහුගේ පසුම්බිය තුල තිබූ කාඩ්පත් පුළුස්සා දමා ඇති අතර එිහිදී ඉතිරි වූ කොටස් එම පොලිස්ථානයේම නිලධාරීන් විසින් ඔහුට ලබා දී තිබෙන බව වාර්තා වන අතර එම කොටස් ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා අධිකරණය මගින් ඔහු ඉදිරිපත් කිරීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ…

කෙසේ නමුත් අප මේ පිළිබධව අදාල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත් එහෙත් එම පුද්ගලයා මාධ්‍ය වෙත දැක්වූ අදහස් පැමිණිල්ලේ සදහන් කර නොමැති බවයි.

එම බයිසිකලය යතුර සහිතව පාරේ නවතා තිබියදී අදාල පොලිසියේ නිලධාරියෙක් එය පොලිසියට රැගෙන ආ බවත් ඔහු සදහන් කළා.

එසේ රැගෙන ඇවිත් තිබෙන්නේ මේ දිනවල සොර සතුරන් වැඩි වශයෙන් වාහන සොරකම් කරන නිසා බවත් එසේ වීම වළක්වා ගැනීම සදහා එම බයිසිකලය රැගෙන ආ බව ඔවුන් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15