රිජිවේ ආර්යා ළමා රෝහලේ අද වැඩ වර්ජනයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් අද සංකේතාත්මක වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කරනවා.

ඒ අනුව අද උදෑසන 8 සිට පැය 24ක කාලයක් අදාළ සංකේතාත්මක වැඩවර්ජනය ක්‍රියාත්මකයි.

එම රෝහලේ 8බී වාට්ටුවේ සේවය කරන වි‍ශේෂඥ වෛද්‍යවරියගේ ක්‍රියාකලාපය නිසා අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

කෙසේ වුවද වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ