spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවක වැටුප් සහනාධාර ගැන බිය නොවන්න

මෙරට රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ අභියෝගාත්මක වාතාවරණයකට රජය මුහුණ දී සිටියත් ඒ තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් රජයේ අත්‍යවශ්‍ය වියදම් දරන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (02) පවසයි.

මේ නිසා ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප් හෝ රජයේ සුබසාධක සහනාධාර ගෙවීම් සම්බන්ධයෙන් කිසිදු අනිසි බියක් ඇතිකර ගතයුතු නොවන බවට තමා සහතික වන බවද රාජ්‍ය ඇමැති සේමසිංහ අවධාරණය කරනවා.

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් පැවසුවේ,ඇතැම් අය රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි බවටත් රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් භාගයක් පමණක් ගෙවන බවටත් ප්‍රචාරය කරනවා. එසේම රජයේ සුබසාධක දීමනා ගෙවීමට නොහැකි බවටද ප්‍රචාර යනවා.මේ ප්‍රචාර කරන අය රාජ්‍ය මූල්‍ය තත්ත්වය බාගෙට තොරතුරු දැනගෙන තමයි මේ ප්‍රචාර කරන්නේ. එහෙත් රජයේ සේවක වැටුප් සුබසාධක දීමනා ගෙවීම් ඇතුළු අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් අප දරනවා. අභියෝගාත්මක තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් රජය කටයුතු කරන නිසා මේ සම්බන්ධයෙන් කිසිදු අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?