රාජ්‍ය ඇමතිවරුන් වෙනුවෙන් වාහන ගෙන්වා ඇතැයි කියන ප්‍රකාශයට පිළිතුරක්

රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන 239ක් ආනයනය කර ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2021 වසරේ දී අවසන් වරට ආනයනය කර ඇත්තේ ද ජල ප්‍රවාහන බවුසර්, ගිලන් රථ සහ වන ජීවී සංරක්ෂණය වෙනුවෙන් ඩබල් කැබ් පමණක් බවයි.

එම වසරෙන් පසු මෙතෙක් කිසිදු වාහනයක් ආනයනය කිරීමට කිසිදු අවස්ථාවක සාකච්ඡාවක් හෝ සිදු කර නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යාංශය මෙම අර්බුදකාරී අවස්ථාවේ දැඩි මූල්‍ය කළමනාකරණයක් සිදු කරමින් සිටින බවයි.

මැතිවරණයක් පැවැත්වීමට මුදල් නැති බව කියන මේ අවස්ථාවේ දී මෙවැනි රථ වාහන ආනයනයක් සිදු කර ඇති බවටත්, එම වාහන වරායේ ගාල් කර ඇති බවටත් විපක්ෂයේ මන්ත්‍රීවරයකු එල්ල කර ඇති චෝදනාවට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48