රසායනික පොහොර ගෙන්වීම වැට උඩ : සමාගම් වලට රජයෙන් බිලියන 24ක පොල්ලක්

අවසර ලබාදී තිබුණද, රසායනික පොහොර ආනයනය කිරීමේදී මේවනවිට තවත් ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ පොහොර සමාගම් සඳහා ආණ්ඩුව විසින් ගෙවිය යුතු මුදල් මෙතෙක් ලබා නොදීමයි.

ඉකුත් සමයේ සහනාධාර ලෙස ලබාදුන් පොහොර සඳහා රුපියල් බිලියන 24 ක මුදලක් පොහොර සමාගම් වෙත ගෙවීමට ඇති බවයි. මෙම මුදල ලැබෙන තෙක් යළි රසායනික පොහොර ආනයනය සම්බන්ධයෙන් තීරණයක් නොගන්නා බවයි පොහොර සමාගම් සඳහන් කරන්නේ.

එමෙන්ම ලෝක වෙළඳපලේ රසායනික පොහොර මිල ගණන් ද මේවනවිට අධික ලෙස ඉහල ගොස් තිබෙනවා. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඉකුත් සමයේ දිගින් දිගටම අනාවරණ කළේ හදිසියේ රසායනික පොහොර ගෙන්වීමට සිදුවවත් එය කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අපහසුතාව පෙන්වා දෙමින්.

මීට පෙර ශ්‍රී ලංකාවට රසායනික පොහොර වැඩිවශයෙන් ආනයනය කළේ චීනයෙන්. එහෙත් ලොව පුරා රසායනික පොහොරවලට පවතින ඉල්ලුම හේතුවෙන් චීනය පොහොර අපනයනය සීමා කර තිබෙනවා. සිය රටේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පමණක් මේවනවිට චීනයේ පොහොර ප්‍රමාණවත් අතර අපනයනය කිරීම සඳහා පොහොර තොග ප්‍රමාණවත් නොවීම ඊට හේතුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට දැන් පොහොර ආනයනය කිරීමට සිදුවන්නේ රුසියාවෙන්. චීනයෙන් පොහොර ගෙන්වන්නේ නම් බහාලුම් ලෙස අවශ්‍ය ප්‍රමාණයට පමණක් මෙරටට ගෙන්වීමට හැකියාව පැවතුනා. එහෙත් රුසියාවෙන් ආනයනය කරන්නේ නම් එසේ සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඊට හේතුවී ඇත්තේ රුසියාවේ පොහොර අපනයන ප්‍රතිපත්තියට යටත්ව ශ්‍රී ලංකාවට ද පොහොර මිලදී ගැනීමට සිදුවීමයි.

සාමාන්‍යයෙන් රුසියාවෙන් පොහොර ඇනවුම් කිරීමේදී මෙටි්‍රක් ටොන් 35,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් එකවර ලබා ගත යුතුයි. එහෙත් පෞද්ගලික සමාගම් පවසන්නේ කිසිඳු සහනයක් නොලැබෙන බැවින් එතරම් විශාල ප්‍රමාණයක් එකවර ආනයනය කිරීම අපහසු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?