රත්න පොලිසැක්, අසුරුම්කරණයේ නව යුගයක් අරඹයි (ඡායාරූප)

දේශීය කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙමින් කෘෂි නිෂ්පාදන සුරක්ෂිතව සහ ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතුව ඇසුරුම් කිරීමටත් ප්‍රවාහනය හා ගබඩා කිරීම මුඛ්‍ය පරමාර්ථය කරගෙන මීට දශක කිහිපයකට පෙර රත්න පොලිසැක් කර්මාන්තශාලාව ආරම්භ වුණා.

එය රත්න ව්‍යාපාරයේ නිර්මාතෘ සභාපති මිත්‍රපාල ලංකේෂ්වර මැතිතුමාගේ ව්‍යාපාරික දර්ශනය අනුව හැඩගැන් වී ලොව අනෙකුත් පොලිසැක් ඇසුරුම් තාක්ෂණික හැකියාවන් නිර්මාණශිලිත්වයට සමපාතක වූ දේශීය කර්මාන්තශාලාවක් ලෙස රත්න පොලිසැක් කර්මාන්තශාලාව ඉදි වුණා.

මෙමඟින් නිෂ්පාදන ඇසුම් හි කාර්යක්ෂම, ගුණාත්මක තත්ත්වය හා නිෂ්පාදනනයන්ගේ අගය වැඩි කිරීම ආදී විශේෂ හැකියාවන් රැසක් එකතු කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

දේශීය කෘෂිකර්මාන්තයේ නව යුගයක් හා අසුරුම්කරණයේ විප්ලවයක් ඇතිකරමින් රත්න පොලිසැක් සිය අති නවීන දෙවන කර්මාන්තශාලාව පොළොන්නරුවේ දී පසුගිය දා විවෘත වුණා.

ශ්‍රී ලංකාවේ දැවැන්තම මෙන්ම අති නවීනතම පොලිසැක් කර්මාන්තශාලාව ලෙස විවෘත වූ රත්න පොලිසැක් කර්මාන්තශාලාවේ සියලු යන්ත්‍ර සූත්‍ර ස්වයංක්‍රිය මෙන්ම ඇති නවීන තාක්ෂණයට අනුකූල ඒවා වනවා.

එමෙන්ම ISO ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයෙන් රත්න පොලිසැක් ආයතනය පිදුම් ලබා තිබෙනවා.

අලුතින් ඉදි වූ රත්න පොලිසැක් කර්මාන්තශාලාව ප්‍රමාණයෙන් වර්ග අඩි ලක්ෂ දෙකක් ඉක්ම වනවා.

එය කාලයේ තලයට ඉදිකළ නවීන කර්මාන්තශාලා පරිශ්‍රයක්.

නව කර්මාන්තශාලාව ඉදිකිරීම නිසා අලුතින් සෘජු රැකියා අවස්ථා 1000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වී ඇති අතර,වක්‍ර රැකියා ප්‍රමාණය 2500කට අධිකයි.

මෙමඟින් ප්‍රදේශයේ තරුණ ශ්‍රමයට වැඩි වටිනාකමක් ලැබෙන අතර, දුෂ්කර ගම්මානවල කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය ඉහළ නංවමින් ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙනවා.

මෙම කර්මාන්තශාලාව ඉදිකිරිම නිසා පවුල් දහස් ගණනකට සෙත සැලසෙන බව රත්න සමූහ ව්‍යාපාරය දන්වා සිටිනවා.

කර්මාන්ත ශාලාව මඟින් සියලුම Woven බෑග්, මුද්‍රිත බෑග් ලැමිනේටින් කළ බෑග්, ග්‍රෙවියෝ ප්‍රින්ට් ලැමිනේටින් බෑග්, ලෙනෝ බෑග් ආදී විවිධ මාදිලියේ බෑග් ලක්ෂ 04 කර අධික ප්‍රමාණයක් දිනකට නිෂ්පාදනය කරනවා.

මේ ආකාරයේ සියලුම බෑග් වර්ග එකම වහලක් යට නිෂ්පාදනයේ කෙරෙන සහ විශාලතම කර්මාන්තශාලාව මෙය වනවා.

මෙම කාර්යයේ දී පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක්, තාක්ෂණික ශිල්පින්, පර්යේෂණාගාර පහසුකම්, නිර්මාණ සැකසුම් අංශ, ඉංජිනේරු තාක්ෂණික ශිපින් ආදී දහස් සංඛ්‍යාත පිරිසක් දිවා රෑ සේවයේ නිරත වනවා.

ඊට අමතරව මින් පෙර සමහර විශේෂිත ඇසුරුම් මාදිලි විදේශියන්ගෙන් ආනයන කළ අතර, නව කර්මාන්තශාලාව ඉදිකිරීමෙන් පසු ඒ සියල්ලම දේශීයව නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

මෙමඟින් කාලය, ශ්‍රමය වියදම අවමකරගෙන දේශීයව ජාත්‍යන්තර තත්ත්වයේ සුරුම් තම නිෂ්පාදන සඳහා සපයා ගැනීමේ වාසිය දේශීය නිෂ්පාදකයින්ට ලැබී තිබෙනවා.

ඇසුරුම් සඳහා සුපිරි පෙනුමක් ආකර්ශනීය අනෙගි නිමාවක් එක්කළ හැකියි.

එක් එක් පාරිභෝගික අවශ්‍යතාව මත තමාට සුවිශේෂී වූ ආවේනික නිර්මාණවලින් තම ඇසුරුම් හැඩගන්වා සාදවා ගැනීමේ පහසුව මමඟින් උදාවී ඇති අතර, ඊට අවශ්‍ය Artwork නොමිලේ නිර්මාණය කරදීම සිදුකරනවා.

පරිසර හිතකාමී කර්මාන්තශාලා පරිශ්‍රයක් ලෙස ඉදිකර ඇති මෙම නව කර්මාන්තශාලාවේ අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමේ ප්‍රතිශතය 0%ක අගයක්.

සියලුම අපද්‍රව්‍ය නැවත ප්‍රතිචක්‍රීකරණය කරමින් මිහිකත සුරකිමින් අග්‍රගන්‍ය දායකත්වය සපයනවා.

ඊට අමතරව පරිසර හිතකාමී ඵලදායිතාවයට් මුල්තැන දෙමින් බලශක්ති භාවිතය සූර්ය සෝලා මත පදනම් වූ 2000Kv සූර්ය බලශක්ති පද්ධතියක් මෙහි ස්ථාපිත කර තිබෙනවා.

එය ජාතික බලශක්ති සැපයුමට කොළ පැහැති සඥාවක් නිකුත් කරමින් පරිසර හිතකාමී සුනිත්‍ය බලශක්ති මාධ්‍යයෙන් ක්‍රියාත්මක වන අනාගත කර්මාන්තශාලා පරිශ්‍රයට වර්තමාන උදාහරණයක් ලෙස හැඳින්විය හැකියි.

අලුතින් ඉදිකළ කර්මාන්තශාලාවේ නිෂ්පාදන ධාරිතවත් සමඟ මෙරට සමස්ත පොලිසැක් වෙළඳපොලේ 60%ක හිමිකාරිත්වයක් රත්න පොලිසැක් විසින් මේ වනවිට හිමිකරගෙන අවසන්.

රත්න සමූහ ව්‍යාපාරයේ අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මැතිතුමාගේ ජන්ම දිනය සැමරුමට සමගාමීව සිදුකරනු ලබන වියාපෘති අතරින් මෙම නව රත්න පොලිසැක් කර්මාන්තශාලාව විවෘත කිරීම සනිටුහන් වනවා.

IMG 20250606 WA0091
IMG 20250606 WA0090
IMG 20250606 WA0087
IMG 20250606 WA0084
IMG 20250606 WA0088
IMG 20250606 WA0094
  1. පලමුව මෙම අයතනය පිහිටුවිම සම්බන්දයේන් . ඔබ තුමාට මාගේ ස්තුතිය පුද කර සිටින ආතර මා ඔබගේ ආයතනය සමග එක්වීමට බලාපොරත්තු වෙමි 0767443913 සාන්ත

    • ඔබගේ ඉල්ලීම පිළිබඳව සළකා බැලීමට මා මාගේ නිලධාරීන්ව දැනුවත් කරමි.

  2. Good luck sir 🙏 👍 we need good sri lankan industies to uplift the nations economy, being in the printing field for last 30 years I know how its useful and so grateful to you sir thinking far ahead it’s a maverlous development in country’s printing industry



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18