රතන හිමි අත්අඩංගුවට ගෙන උසාවි දාන්න නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් රුවනි ජයවර්ධන මහත්මිය නියෝග කර තිබෙනවා.

ඒ අද (18) කොළඹ අපරාධ කොට්ටාස කළ කරුණු දැක්විම් සලකා බැලිමෙන් අනතුරුවයි.

පැහැරගැනීමක් සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සෝදිසි කිරීමක් ආරම්භ කර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට උත්සාහ කළත් එය ව්‍යාර්ථ වූ බවත් සෝදිසි කිරිම් තවමත් ක්‍රියාත්මක බවත් නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වෙඩිහිගම විමලතිස්ස හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, උන්වහන්සේ කියා සිටින්නේ 2020 මැතිවරණයෙන් පසු රතන හිමියන්ට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට හැකි වූයේ තමන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඊට අත්සන ලබා ගත් නිසා බවයි.

පැහැර ගැනීම,කූට ලේඛනය, තර්ජනය කිරීම රඳවා තබා ගැනීම,මරණ තර්ජනය කිරීම යන චෝදනා යටතේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්හ.

කොළඹ අපරාධ කොට්ඨාසය පසුගිය දින වල රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා ස්ථාන කිහිපයක් සෝදිසි කර ඇති අතර සෝදිසි මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බව ද නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36