රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයෙන් නිමාවන වසරකට ජනපතිගෙන් සුබ පැතුම්

නව වසරක උදාව යනු නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

උදාවූ 2023 වසර වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් එක්කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අප 2023 නව වසරට පිවිසෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවයන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ වසරක් නිමා කරමින් බවයි ජනාධිපතිවරයා පවසන්නේ .

රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ අප සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ අප බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් තම සතුව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නමුත් අපි දැනටමත් මෙම අයහපත් කාලය පසුකර තිබෙන බව මම විශ්වාස කරන අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇති බව පවසන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත්විජිතයක්ව පැවත, ඉන් නිදහස ලබා 2023ට වසර 75ක් සපිරෙන බව පෙන්වා දෙනවා.

නමුත් බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ලෙස පැවත නිදහස ලැබූ අනෙක් රටවල් උදාකරගෙන ඇති ප්‍රගතිය ලබා ගැනීමට අප තවමත් සමත් වී නොමැති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ.

එම නිසා රටේ බහුතරයක් තරුණ තරුණියන් පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින බව පවසන ජනාධිපතිවරයා එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි අතර ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ අප කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කර සිටිනවා.

මෙම වැඩපිළිවෙලේදී රට පළමුවට තබා කැපවී සිටින සැමටත්, රටේ ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් මාගේ හෘදයාංගම ස්තුතිය ද ඔහු මෙම අවස්ථාවේ දී පිරිනමනවා.

එමෙන්ම නැවුම් බලාපොරොත්තු සමඟින් රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයෙන් නිමාවන, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වන ජයග්‍රාහි වසරකට රනිල් වික්‍රමසිංහ ජනාධිපති සිය අලුත් අවුරුදු පණිවුඩයක් මඟින්සු භාශිංසනය එක්කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39