spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටපුරා මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහලට

ඊයේ (19) සවස් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසිය වෙත ඉදිරිපත්කර ඇත .

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 33 ක් වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය (20) අද දින මාළිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි . ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

මේ අතර ගල්කිස්ස පොලිස් වසමේ පල්ලිය පටුමඟ ප්‍රදේශයේදී මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 320 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.ඒ ඊයේ (19)දහවල් කාලයේදීයි.සැකකරු වයස අවුරුදු 33 ක් වූ මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු (20)
අද දින මාළිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි . මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

වත්තල පොලිස් වසමේ බලගල හන්දිය ප්‍රදේශයේදී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත සිදුකල වැටලීමකින් තවත් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 05 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වූ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු(20) අද දින වැලිසර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි . වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

තවද පෑලියගොඩ පොලිස් වසමේදී පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත (19) ඊයේ සවස වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.එම සැකකරු වයස අවුරුදු 25 ක් වූ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු (20) අද දින අළුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි . පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?