රටට උදව් කළාට අපේ පවුලට ලැබුනේ හිරිහැර විතරයි – ඇවන්ගාඩ් හිමිකරුගේ පුතා කියූ කතාව (PHOTOS)

අන්තර්ජාලය ඔස්සේ දිගින් දිගටම තමන්ට හිරිහැර කරන ආකාරය පිළිකුල් සහගත බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගේ පුත් සෙනුර යාපා සේනාධිපති ප්‍රකාශ කර සිටිනවා.

සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් සෙනුර කියා සිටියේ තම පවුල ශ්‍රී ලංකාවට කිසිඳු වරදක් කර නොමැති බවත් ඔවුන් බොහෝ දෙනෙකුට කළ උදව්වට සිය පවුලටම හිරිහැර විදීමට සිදුවී ඇති බවයි.

“අපට හිරිහැර කරන සෑම කෙනෙක්ම දන්නවා අපි අපේ රටට කිසිම වරදක් කර නැති බව. අපි ඕන තරම් මිනිස්සුන්ට උදව් කරලා, ගොඩක් පරිත්‍යාග කරලා, නිවාස, කන්න දීලා මේ රට සීමාවක් දක්වා ආරක්ෂා කරලා තියෙනවා. ඒ වෙනුවට අපට ලැබුනේ හිරිහැර පමණයි. ඒ ගැන සියලු දෙනා ලැජ්ජාවට පත්විය යුතුයි ” සෙනුර සඳහන් කර සිටිනවා.

“ඔබ අන්තර්ජාලය හරහා මිනිසුන්ට අපහාස කිරීමට පෙර එය ඔබට සිදු වුවහොත් ඔබට හැඟෙන්නේ කෙසේදැයි සිතා බලන්න. එය පිළිකුල් සහගත ය,” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

නිශ්ශංක සේනාධිපති රජයේ කිසිදු තනතුරක් දරන්නේ නොමැති අයෙකු වුවත් ඔහු වත්මන් ආණ්ඩුවට ඉතා බලගතු චරිතයක්. ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙම සතිය මුලදී කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගිය බව මාධ්‍ය වාර්තා පළකර සිටියා. එම අවස්ථාවේදී ගුවන් තොටුපළේ පරිගණක පද්ධතිය සහ ආරක්ෂක කැමරා පද්ධතිය ඇණ හිට ඇති අතර, කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය හරහා යානයට ඇතුළු වීමට පිරිස කටයුතු කර තිබිණි.

මේ අතර ජනතා මුදල් කොල්ලකෑ බව කියන නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් ඊයේ පාර්ලිමේන්තුවට පෙත්සමක් ද ගොනු කරනු ලැබුවා.

c 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03