රටඉඳි කාලා හමාරයි.. මුස්ලිම් ජනතාවටත් විශාල ගැටලුවක් වුණු රටඉඳි ප්‍රශ්නය

ආනයනික භාණ්ඩ තහනමට රටඉඳි ඇතුළත් කිරීම නිසා මුස්ලිම් ජනතාවට උපවාස අවසන් කිරීමේදී විශාල ගැටලුවක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

මෙම ගැටලුව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කළද එම තහනම ඉවත් කිරීමට මෙතෙක් ගැසට් නිවේදනයක් නිකුත් කර නොමැති බව ද මන්ත්‍රීවරයා පවසනවා.

ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් මේ පිළිබඳව සාකච්ඡා කළ බවට ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ලැබුණු­ බව ද ඔහු කීය.

එහෙත් තවමත් මෙම ගැටලුව නිරාකරණය කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව පැවැසූ මන්ත්‍රීවරයා මේ වන විට රට ඉඳිවලට අය කරන බද්දද වැඩි කර ඇතැයි ද සඳහන් කළේ ය.

රටඉඳි නබිතුමා අනුභව කළ ආහාරයක් නිසා ඔහුට කරන ගෞරවයක් වශයෙන් සලකා මුස්ලිම් බැතිමතුන් රටඉඳි අනුභව කරන බව ද ඔහු කීය.

එමෙන් ම, උපවාස කාලය අවසන් වූ පසු ආහාර ජීර්ණය කිරීම සඳහා ද රටඉඳි ආහාරයට ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22