රජය පැනවූ බලශක්ති සීමා වෙසක් සතිය වෙනුවෙන් ලිහිල් වෙයි

බුද්ධ රශ්මි වෙසක් කලාපය පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී ප්‍රධාන වශයෙන් බුද්ධ රෂ්මි වෙසක් කලාපයේ සංවිධාන කටයුතු සහ වෙසක් කලාපය පැවැත්වෙන කාලය තුළ බලශක්ති භාවිතය පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.

ඉන්ධන හා විදුලිය භාවිතා කිරීම සඳහා රජය මගින් පනවා තිබූ රෙගුලාසි වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීම පිළිබඳව මෙහිදී දැනුවත් කළ අතර වෙසක් කලාපයේ කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම උදෙසා පත්කළ කමිටුවල නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීම ද මෙහිදී සිදුවුණා.

පවතින අර්බුධය හේතුවෙන් පෙර වසරවලට සාපේක්ෂව ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මෙවර තීරණය කර ඇති අතර ඒ අනුව අවම ඉන්ධන හා විදුලි පිරිවැයක් සහිතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් සැදැහැවතුන්ගේ සිත්පහන් කරවන පරිදි වෙසක් අසිරියෙන් අලංකාර කිරීමට බුද්ධ රෂ්මි වෙසක් කලාපය තුළ කටයුතු කර තිබෙන බවත්, මෙවර වෙසක් කලාපය රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන බවත් කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පවසනු ලැබුවා.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා බලශක්ති අමාත්‍යාංශය , ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17