රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක්

දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

කොළඹ නගරයේ රජයට අයත් ඉඩම්වල සිදු කළ, පසුගිය ආර්ථික තත්ත්වය හමුවේ අතරමග නවතා දැමුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ ආයෝජකයන්ට අවසන් දැනුම් දීම සිදුකර ඇති බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ ආයෝජකයන් එම ව්‍යාපෘති කඩිනමින් අවසන් නොකරන්නේ නම් ඒවා රජයට පවරාගෙන නව ආයෝජකයන්ට ලබාදීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….

මේ වන විට කොළඹ නගරයේ වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය ආයෝජකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් පසුගිය කාලයේ පැවති අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එම ව්‍යාපෘති නතර කර තිබෙනවා. ඒම නිසා අදාළ ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස අප ඔවුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ලබන මාසය අවසන් වීමට පෙර ආයෝජකයන් ඒ පිළිබඳ තීන්දුවක් නොගන්නේ නම් ඒම ව්‍යාපෘති රජයට පවරාගෙන නව ආයෝජකයන්ට ලබාදීමට කටයුතු කරනවා.

එසේම කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම් තිබෙනවා. ඒවා ද රටට සහ ජනතාවට ආර්ථිකමය වශයෙන් ශක්තියක් ලැබෙන ආකාරයට නව ආයෝජකයන්ට ලබාදීමට අප තීරණය කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව රටට හිතකර ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මෙම කටයුතු සිදුකරමින් තිබෙනවා.

හිල්ටන් හෝටලය මේ වන විට ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව සේවක අයිතිවාසිකම් මෙන්ම හිල්ටන් හෝටල් ජාලයේ සම්මුතීන් ආරක්ෂා කරගෙන රටේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලැබෙන අයුරින් එය වැඩිදියුණු කිරීමට තීරණය කර තිබෙනවා. මෙයට සමගාමීව බත්තරමුල්ල පිහිටි වෝටර්ස් ඒජ් හෝටලය ද නව ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නවා. එම නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් කමිටුවක් ද පත් කර තිබෙනවා.

තවද, මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප 24ක් හඳුනාගෙන තිබෙනවා. එම සංචාරක කලාපයන් ද රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පරිදි ආයෝජකයන්ට ලබාදීමට ද තිරණය කර තිබෙනවා. තාවකාලික ඉදිකිරීම් යටතේ එම වෙරළ කලාප නව ආයෝජකයන්ට ලබාදීමට නියමිතයි. ලෝකයේ අනිකුත් රටවල්වල මෙන් සංචාරක ආකර්ෂණය දිනාගන්නා වෙරළ ආරක්ෂක ක්‍රියාකාරකම්වලින් සමන්විතව එම කලාප ස්ථාපිත කිරීමට නියමිත තිබෙනවා.

මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කොළඹ, ඇල්ල, නුවරඑළිය, මහනුවර හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශ සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීමට දැනටමත් පියවරගෙන තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනවල මැදිහත් වීම යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව එම ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර කොළඹ ඝනඅපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති යටතේ ඉදිකිරීම් ආරම්භ කළ අරුවක්කාලු කසළ අංගනය ලබන වසර ජනවාරි මස අවසන් වීමට පෙර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. එම ව්‍යාපෘතිය වෙනුවෙන් චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට ගෙවීමට තිබූ හිඟ මුදලින් රුපියල් මිලියන 61ක් ගෙවා අවසන්. එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමෙන් පසු හදිසි අවශ්‍යතාවකදී ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට එය යොදා ගැනීමට අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43