රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිට ඇප

රුපියල් කෝටියක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරුවන් තුන් දෙනා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති වරයා රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

දැවිතෙල් කර්මාන්තයට අදාළ වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සඳහා රුපියල් කෝටියක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෙම සැකකරුවන් තුන්දෙනා අල්ලස් කොමිසම විසින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන තිබුණා.

  1. PENAWA NEDHA HORAKAMA DAN NEETHYANUKULA WELA THIYENA HATI. RAJAYEMA NILADHAREEN THAWA RAJAYE USAS NILADHARIYEN ARREST KARALA, RAJAYE POLICIYA HARAHA USAWI DAMMAMA RJAYEMA USAWIYA EPA DEELA ELIYATA DANAWA. MEKA KONAKIN PATAN ARAN HADANNA BAHE. HEMA THANAMA AWUL JALAWAK KARALA THIYENNE. ENA EKA MOKA UNATH MUN OKKOMA PANNALA DALA WEDA PATAN GANNAA THIYENNE. HORU APRADHAKARAYO DUSHAKAYO MANKOLLA KARAYO KUDU KARAYO PATHALAKARAYO KASSIPPU KARAYO BOHOMA BALAWATH. ME OKKOMA MEHEYAWANNE THUPPAHI MUSALA DSHAPALUWO. ANNA EKA SIHI KARANNA