spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුරෝපා සංගමයෙන් මෙරටට තවත් ආධාරයක්

අමෙරිකානු ඩොලර් මිලියන 23කට ආසන්න මූල්‍යාධාරයක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති අතර මෙරට තිරසාර කාර්මික සංවර්ධනය වෙනුවෙන් එම මූල්‍යාධාරයක් ලබාදී තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 22.83 ක් සහ යුරෝ මිලියන 18.75ක් මෙරටට ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය Rene Van Berkel පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කලේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ රැස්වීමට සහභාගි වෙමින්.

මෙම ආධාර මෙරට කාර්මික සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම, බලශක්ති කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්ති වැනි අංශයන් හි සංවර්ධනය සඳහා වෙන් කර ඇති බව සඳහන්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?