යාල ඇතුලු වනෝද්‍යාන නරඹන්න ඩොලර්වලින් ගෙවීම් කරන්න අවස්ථාව

යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර තිබෙනවා.

රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා ලෙසටයි අමාත්‍ය මහින්ද අමරවීර විසින් නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ.

ඒ අනුව මෙම වැඩපිළිවෙළ ජනවාරි මාසය තුළ ආරම්භ කරන අතර, පළමුව යාල ජාතික වනෝද්‍යානයෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය දැනුම් දී තිබෙනවා.

මේ අතර දෙස් විදෙස් සංචාරකයින් මේ දිනවල යාල වනෝද්‍යානය නැරඹීමට බහුල වශයෙන් පැමිණෙන බැවින් සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් වැඩි කිරීමේ වැඩපිළිවෙළක් වහාම අරඹන ලෙසට අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබුවා.

අලුතින් ඉදි කරන ලද සංචාරක බංගලා දෙකක වැඩ කටයුතු මේ වනවිට අවසන්ව ඇති බැවින් ඒවා සංචාරකයින් සඳහා ලබා දීම මෙන්ම මධ්‍යාහ්න 12 සිට පස්වරු 02 දක්වා පැය දෙකක කාලයක් වනාන්තරයේ සංචාරය කිරීම අත්හිටුවන බැවින් එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයින්ට විවේක ගැනීම සඳහා ඉදි කෙරෙන විවේක ස්ථානයේ ඉදි කිරීම් කටයුතු ද වහා අවසන් කරන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50