යාපනය උණුසුම් – STF වැඩට බසියි – හමුදාවත් කැඳවීමට සූදානම්

යාපනය ප්‍රදේශය උණුසුම් කරවමින්, ප්‍රදේශවාසීන් බියෙන් තැතිගන්වමින් ක්‍රියාත්මකවන තියුණු ආයුධ රැගත් කල්ලිවල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් අරඹා ඇති බව යාපනය පොලීසිය පවසනවා.

ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පහක් පමණ ක්‍රියාත්මක කොට ඇති බවයි එම පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙම කල්ලිවල පිරිස් සෙවීමේ විශේෂ මෙහෙයුම් වෙනුවෙන් පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක් ද යොදවා තිබෙන බව පොලීසිය ප්‍රකාශ කළා.

මෙම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ද ලබා ගැනීමට සූදානම් බව යි වාර්තා වන්නේ.

මේ අතර පෙරේදා (30) රාත්‍රියේ කොණ්ඩාවිල්හි “ටික්ටොක් ස්ටුඩියෝ” නැමති ස්ථානයට කඩාවැදුනු ආයුධ සන්නද්ධ කල්ලියේ පිරිස 14ක් පමණවන බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

එම පිරිසෙන් කිහිපදෙනෙකුගේ අනන්‍යතාව හඳුණාගැනීමට ද පොලීසිය සමත් වී ඇති බව සඳහන්.

අදාළ ස්ථානයට කඩා වැදුණු තියුණු ආයුධ රැගත් පිරිස කළ පහර දීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන් 07 දෙනෙකු මේවන විටත් බරපතළ තත්ත්වයේ පසුවනවා.

අදාළ සිද්ධියේ දී එක් අයෙකුගේ අතක් වෙන්වන පරිදි කපා දමා තිබූ අයුරු ද වාර්තා වූවා.

මෙම කල්ලිය යතුරුපැදිවල නැගී එම ස්ථානයට පැමිණෙන අයුරු ඒ අවට CCTV කැමරාවල ද සටහන් වී ඇති බවත්, ඒ හරහා සැකකරුවන් හඳුණාගෙන අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් යාපනය පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14