යළි සුළි කුණාටුවක්

දකුණු තායිලන්ත මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවති අඩු පීඩන කළාපය මේ වන විට අන්දමන් මුහුදු කළාපයේ ස්ථානගතව පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ගිණිකොන සහ මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගත විය හැකි බව සඳහන්.

පසුව එළඹෙන පැය 24 තුළදී එම පද්ධතිය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව ඉදිරි පැය 72 තුළ ගිණිකොනදිග බෙංගාල බොක්ක මෙන්ම උතුරු දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයන්හි ධීවර හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙස අවවාද කර තිබෙනවා.

දැනටමත් මෙම මුහුදු ප්‍රදේශ වල යාත්‍රා කරන පිරිස් වෙත දැනුම් දී ඇත්තේ වහා ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි.

සුළි කුණාටුව සති අන්තයේදී ඉන්දියාවේ උතුරු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළට ලඟා වනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.

මධ්‍යම, ඌව සහ වයඹ පළාත් වල අද පස්වරු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාළගුණ නිවේදනයේ සඳහන්.

මේ අතර පසුගිය දින වල පැවති අයහපත් කාළගුණය හේතුවෙන් පවුල් 15 දහසකට පමණ අයත් පුද්ගලයන් 55,600 කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 415 කට අයත් පුද්ගලයන් 1,515 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 23 ක රඳවා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ
01:10
Video thumbnail
ජන වරමට හිස නවන්න බෑනේ - ආණ්ඩුව කරන්නේ අධිකරණයට බලපෑම් කිරීමක්
03:55
Video thumbnail
ම#ණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක් - නීතිඥයා මාධ්‍යට කියූ දේ
01:50
Video thumbnail
මීගමුවේ බෝට්ටු අනතුරේ නවතම තත්ත්වය මෙන්න - ධීවර අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
04:50
Video thumbnail
ශානි හා රවී ඒකාලයේ තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා - ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න
02:21
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ - මෙන්න වීඩියෝවක් එළියට එයි
01:44
Video thumbnail
රවී, ශානි දෙන්නාට හේමසිරි, පූජිත්ට වඩා ම#ණ දඬුවම දෙන්න පුළුවන් වරදක් කරලා ?
03:03
Video thumbnail
හේමසිරි, පූජිත ප්‍රහාරකයා ගැන අවබෝධයක් තිබුණේ නෑ? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
03:29
Video thumbnail
ජනපති ගිහින් අත්සන් කළ කුකුල් කකුල් ගිවිසුම ගැන නාමල් කියපු දේ - චීනයේ කුකුල් කකුල් දෙකක් ඩොලර් 7ක්
03:26
Video thumbnail
දැඩි වර්ෂාපතනය නිසා කැළණි ගගේ ජල මට්ටම වැඩි වන අයුරු මෙන්න
01:26