යළි සුළි කුණාටුවක්

දකුණු තායිලන්ත මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවති අඩු පීඩන කළාපය මේ වන විට අන්දමන් මුහුදු කළාපයේ ස්ථානගතව පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ගිණිකොන සහ මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගත විය හැකි බව සඳහන්.

පසුව එළඹෙන පැය 24 තුළදී එම පද්ධතිය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව ඉදිරි පැය 72 තුළ ගිණිකොනදිග බෙංගාල බොක්ක මෙන්ම උතුරු දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයන්හි ධීවර හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙස අවවාද කර තිබෙනවා.

දැනටමත් මෙම මුහුදු ප්‍රදේශ වල යාත්‍රා කරන පිරිස් වෙත දැනුම් දී ඇත්තේ වහා ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි.

සුළි කුණාටුව සති අන්තයේදී ඉන්දියාවේ උතුරු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළට ලඟා වනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.

මධ්‍යම, ඌව සහ වයඹ පළාත් වල අද පස්වරු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාළගුණ නිවේදනයේ සඳහන්.

මේ අතර පසුගිය දින වල පැවති අයහපත් කාළගුණය හේතුවෙන් පවුල් 15 දහසකට පමණ අයත් පුද්ගලයන් 55,600 කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 415 කට අයත් පුද්ගලයන් 1,515 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 23 ක රඳවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05


?