මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නව පහසුකමක්

අද (05) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට තම ගෙවීම් සිදු කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිත කිරීමට හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඩී. කුසලානි ද සිල්වා පවසනවා.

අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය ඒ බව දැනුම්දුන්නාය.

නව තාක්ෂණයට අනුගත වීම සහ මුදල් රැගෙන යාමේදී ඇතිවන අපහසුතාවය මගහරවා ගැනීම යන කරුණු මූලික කරගනිමින් මෙම ක්‍රියාවලියට අනුගත වු බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.