මොකක්ද මේ බුර්කිනා ෆාසෝ ? – ඔබ නොදත් දේ මෙන්න

බුර්කිනා ෆාසෝ (Burkina Faso) යනු බටහිර අප්‍රිකාවේ පිහිටි ගොඩබිම්වලින් වට වූ රටක් බව ඔබ දන්නේ ද?

“බුර්කිනා ෆාසෝ” යන්නෙහි අර්ථය “අවංක වැසියන්ගේ දේශය” යන්නයි.

මෙම දේශයේ භූගෝලීය පිහිටීම සහ දේශගුණය ගැන සලකා බැලීමේ දී, පහත කරුණු සංක්ෂිප්ත කර දැක්විය හැකි වනවා.

  • බුර්කිනා ෆාසෝ වර්ග කිලෝමීටර 274,200ක පමණ ප්‍රදේශයක් ආවරණය කරයි.
  • එය උතුරින් සහ බටහිරින් මාලි, ඊසාන දෙසින් නයිජර්, ගිනිකොන දෙසින් බෙනින්, දකුණින් ටෝගෝ සහ ඝානාව සහ නිරිත දෙසින් අයිවරි කෝස්ට් යන රටවල් වලින් මායිම් වේ.
  • දේශගුණික කලාප තුනකින් සමන්විත වන අතර, උතුරේ වියළි සහෙල් කලාපය, මධ්‍යයේ සුඩානෝ-සහෙල් කලාපය සහ දකුණේ වඩාත් තෙත් සුඩාන කලාපය ලෙස බෙදී යයි.
  • භූමි ප්‍රදේශය තණබිම් සහිත සාමාන්‍ය සාවානා දේශගුණයක් පෙන්වන අතර, දකුණු ප්‍රදේශයේ පඳුරු සහිත වනාන්තර ද දක්නට ලැබේ.

මෙම කුඩා දූපතේ, ජනගහනය සහ භාෂාව ගැන අවධානය යොමු කිරීමේ දී,

  • 2024 වන විට, බුර්කිනා ෆාසෝ හි ඇස්තමේන්තුගත ජනගහනය මිලියන 23.28 කට ආසන්න වේ.
  • නිල භාෂාව ප්‍රංශ වේ. එහෙත්, මූරේ, ඩියූලා, සහ ගුර්මන්චේ වැනි දේශීය භාෂා 60කට අධික සංඛ්‍යාවක් කතා කරනු ලැබේ.
  • ජනගහනයෙන් 60%ක් පමණ මුස්ලිම් වන අතර, 26.3%ක් ක්‍රිස්තියානි ආගම අදහති.

බුර්කිනා ෆාසෝ යනු ලෝකයේ දුප්පත්ම රටවල් අතරින් එකක්.

  • ආර්ථිකය ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය (දළ දේශීය නිෂ්පාදිතයෙන් 34%) මත පදනම් වේ.
  • රන් කැණීම් ද ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකමකි.

බුර්කිනා ෆාසෝ 1960 දී ප්‍රංශයෙන් නිදහස ලැබීමට පෙර ඉහළ වෝල්ටා ජනරජය (Republic of Upper Volta) ලෙස හැඳින්වූවා. 1984 දී ජනාධිපති තෝමස් සංකාරා විසින් රට “බුර්කිනා ෆාසෝ” ලෙස නම් කරනු ලැබුවා.

නිදහස ලැබූ දා සිට රට දේශපාලන අස්ථාවරත්වය, කුමන්ත්‍රණ සහ ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණ දී ඇති අතර 2022 වසරේදී මිලිටරි කුමන්ත්‍රණ දෙකක් සිදු වුණා.

වත්මන් පාලකයා වන්නේ කපිතාන් ඊබ්‍රාහිම් (Captain Ibrahim Traoré) මහතා යි.

දැනට බුර්කිනා ෆාසෝ හි අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරනවා.

ඔහු 2022 සැප්තැම්බර් මාසයේදී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත්තා.

එවකට අන්තර්වාර ජනාධිපතිවරයා වූ පෝල්-හෙන්රි සැන්ඩාගෝ ඩම්බිලා (Paul-Henri Sandaogo Damiba) මහතා බලයෙන් පහකිරීමෙන් පසුවයි.

අප්‍රිකාවේ සිටින ලාබාලතම රාජ්‍ය නායකයන්ගෙන් කෙනෙකු වන මොහු සිය පූර්වගාමියාගේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම් ආපසු හැරවීම වැනි රැඩිකල් ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති අතර, එය බොහෝ බුර්කිනාබේ ජනතාව අතර ජනප්‍රිය වී තිබෙනවා.

ප්‍රංශයෙන් රට ඈත් කිරීමට කටයුතු කර ඇති අතර, මාලි සහ නයිජර් සමඟ එක්ව “සහෙල් රාජ්‍ය සන්ධානය” (Alliance of Sahel States) පිහිටුවීමට දායක වී තිබෙනවා.

ඔහු රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සමඟ සමීප සබඳතා පවත්වන්නෙක්.

රටේ කෘෂිකර්මාන්තය සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර දියුණු කිරීමට කටයුතු කරමින් සිටින අතර කෙසේ වෙතත්, ඔහුට එරෙහි කුමන්ත්‍රණ ද රට තුළ ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.

බුර්කිනා ෆාසෝ යනු අභියෝග රැසකට මුහුණ දෙන රටක් වන අතර, ත්‍රස්තවාදය මැඩලීම සහ ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම ප්‍රධාන අභියෝග යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14