මේ මාසය අවසන් වෙද්දී රටේ ඩොලර් අවසන් – හිටපු අගමැතිගෙන් හෙළිදරව්වක්

අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත අවසන් විය හැකි බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ලබාගත් ණය ද මැයි මස දෙවන සතිය පමණ වන විට අවසන් වනු ඇති බවටයි හිටපු අගමැතිවරයා අනාවැකි පළ කළේ. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සහ ඒ තුලින් ජනතාව මුහුණදෙන පීඩාව පිළිබඳ විදෙස් මාධ්‍ය ආයතනයක් කළ සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළා.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මේවන විට ඉතා බරපතල තත්ත්වයක පවතින බවයි. එමෙන්ම ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ලබාගත් ණය ද මැයි මස දෙවන සතිය පමණ වන විට අවසන් වනු ඇති බවටයි හිටපු අගමැතිවරයා අනාවැකි පළ කළේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සහ ඒ තුලින් ජනතාව මුහුණදෙන පීඩාව පිළිබඳ විදෙස් මාධ්‍ය ආයතනයක් කළ සාකච්ඡාවකදී යි හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාගත් ණය මුදල් ද මැයි මාසයයේ අවසානය වන විට අවසන් වනු ඇති බවටයි රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු අඟවන්නේ.

ඇතැම් කණ්ඩායම් විශ්වාසය පළ කරන්නේ ලබාගෙන ඇති මෙම ණය මුදල් මැයි මස මැද භාගය වන විට අවසන් වනු ඇති බවට ද ඔහු පෙන්වා දෙනවා.

කෙසේවෙතත් ජුනි මාසය වන විට පෞද්ගලික අංශයට සිය සේවා පවත්වාගෙන යාම සඳහා ඩොලර් නොමැති වන බව හිටපු අගමැතිවරයා සිය සංවාදයේදී ප්‍රකාශ කළා.

මෙවර ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය අඩුවීම පිළිබඳව කරුණු දක්වමින් රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ විදෙස් රටවලින් සහල් ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් රට තුල පවතිනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

මධ්‍යම පාන්තික ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටින අතර ගොවීන්ට ප්‍රමාණවත් අස්වනු නොලැබීම හමුවේ පීඩාවකට පත්ව සිටිනවා.

එමෙන්ම මෙම ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයන් ද ගැටලුවලට මුහුණදී සිටින බවයි හිටපු අගමැතිවරයා විදෙස් මාධ්‍ය සමග පැවති සාකච්ඡාවේදී කියාසිටියේ.

තරුණයන් නායකත්වය දෙන උද්ඝෝෂණ සහ විරෝධතා රැළි මේවන විට රට පුරා ආරම්භ වී තිබෙන අතර පසුගිය සෙනසුරාදා ගාලුමුවදොර පිටියට රැස්වූ විරෝධතාකරුවන් පිළිබඳව ද රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධානය යොමු කළා.

ජනාධිපති ලේකම් කාර්යාලය අසන එම විරෝධතාකරුවන් තවදුරටත් රැඳී සිටීම පිළිබඳ ඔහු විදෙස් මාධ්‍ය වෙත කරුණු දැක්වූවා.

මෙවැනි දැවැන්ත විරෝධතා මෙන්ම රජයට පාර්ලිමේන්තුවේ බලය අඩුවීම හමුවේ මෙතෙක් ගැටලුවලට විසඳුමක් ගැනීම පිළිබඳ සුබදායී තත්වයක් දක්නට නොමැති බවයි හිටපු අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා විසින් නව රජයක් ස්ථාපිත කිරීමට උත්සාහ කළ ද අවසන් ප්‍රතිඵලය කුමක් ද යන්න මෙතෙක් කරුණු දැක්වීමට හැකියාවක් නොමැති බව ඔහු කියාසිටියා.

මේ අතර මෙම තත්වයෙන් මිදීමට ගත යුතු පියවර පිළිබඳ විදෙස් මාධ්‍යවේදීන් මෙහිදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්ණ කළා. ඔහු එහිදී කියාසිටියේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය යුතු බවට පවසමින් රට තුල දැවැන්ත විරෝධතා රැල්ලක් මතුවෙමින් ඇති බවයි.

මෙහිදී සිදු කළ යුතු වන්නේ ජනපතිවරයා ඉවත් වීම හෝ ජනතාවට පිළිගත හැකි නව වැඩපිළිවෙලක් සමග ජනාධිපතිවරයා ජනතාව හමුවට පැමිණීම බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04