මෙවර මහ කන්නෙ ගොඩ දාගන්න AMW New Holland වෙතින් යෝධ හයියක් යෝධ ගැම්මක්

Associated Motorways ආයතනය දශක ගණනක් පුරාවට දේශීය කෘෂිකර්මාන්තයේ ඉදිරි ගමනට උර දෙමින් මෙරට ගොවි රජවරුන්ගේ ගොවිතැන් කටයුතු සිදු කරගැනීමට නවීන තාක්ෂණික අංගෝපාංගයන් හඳුවන්වා දීම සිදුකරනු ලබනවා.

රටේ කෘෂිකර්මාන්තය තරමක පසුබෑමකට ලක් වී ඇති අවස්ථාවක අපේ ගොවි රජවරුන්ට යෝධ හයියක් යෝධ ගැම්මක් වෙන්න AMW ආයතනය තීරණය කර තිබෙනවා.

එහි ප්‍රතිඵලක් ලෙස කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමේ ගමනට සහයෝගය ලබා දීමේ අරමුණින් New Holland ට්‍රැක්ටර් මිල දී ගන්න ඔබට හෙක්ටයාරයකට ඇති වෙන්නම නොමිලේ පොහොර කිලෝ 250ක් ලබා ගැනීමේ අවස්ථාව උදාවනවා.

AMW ආයතනයෙන් ලබා දෙන සුවිශේෂී දීමනා අතර ඔබ දැනට භාවිත කරන ට්‍රැක්ටරේ හුවමාරු කිරීමට ඇති හැකියාව විශේෂයි.

එමඟින් ඔබට ඔබේ පරණ ට්‍රැක්ටරේ අලුත් ට්‍රැක්ටරයකට හුවමාරු කරගැනීමට හැකියාව පවතිනවා.

ඔබ පරණ ට්‍රැක්ටරයක් හුවමාරු කිරීමේ දී ද නව ට්‍රැක්ටරයක් මිලට ගැනීමේ දී ද ඔබට හෙක්ටයාරයකට ඇති වෙන්න නොමිලේ පොහොර කිලෝ 250ක් ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා.

එපමණක් නොව මෙදා පාර මහ කන්න අපූරුවට අස්වද්දන්න ගොවි බිමේ වැඩ ලේසියෙන් පහසුවෙන් කරගැනීමට නවතම New Holland ට්‍රැක්ටර් මාදිලි දෙකක් හඳුන්වා දී තිබෙනවා.

New Holland 4710 Portal Axle සහ New Holland 3230 Portal Axle ලෙස ඇති මෙම මාදිලිවල ඉදිරිපස රෝද දෙක කුඩා වීම හේතුවෙන් පුංචි ලියැදිවල හාන්න නැතහොත් ළඟ කැපීමේ හැකියාව තිබීම රියදුරු මහතාට වැඩි පහසුවක් ලබා දෙනවා.

මීට අමතරව වැඩ පැය 2400ක් හෝ වසර දෙකක විශ්වාසනීය වගකීම් කාලයක්, පළමු සේවා වාර තුන ආයතනයේ සේවා අංශයේ නිලධාරින් ට්‍රැක්ටරය තිබෙන ස්ථානයට ගොස් කරදීම, සේවා වාර 5කට අවශ්‍ය උපකරණ නොමිලේ ලබා දීම මෙන්ම පහසුවෙන් ණය හෝ ලීසිං පහසුකම් ලබා ගැනීමේ සුවිශේෂී වාසි සමඟ ඔබ වෙත එන New Holland ට්‍රැක්ටර් හැමදාම අපේ රටේ ගොවීන් සමඟ ඔවුන්ට ශක්තියක් වෙන්න ඔවුන් සමඟම සිටියි.

තවද New Holland ට්‍රැක්ටර් සතු විශේෂාංග අතරින් වේග 7 PTO පද්ධතිය, Lift-o-matic තාක්ෂණය, වේග 8 ෂටල් තාක්ෂණය, ඩබල් ක්ලච් පද්ධතිය සහ රිවර්ස් PTO තාක්ෂණය සුවිශේෂි වනවා.

හැමදාම ගොවීන් ගැන හිතන AMW ආයතනය, මෙදා පාර මහ කන්නෙට මේ සුවිශේෂී ගුණාංග ඇති නවතම ට්‍රැක්ටර් සහ ඇදහිය නොහැකි දීමනා හඳුන්වා දී තිබෙනවා.

එමෙන්ම මින් නොනැවතී ඉදිරියටත්, ලාභයට එහා ගිය සමාජ වගකීමක් ඉටු කරමින් ගොවියා සමඟ අන්‍යෝන්‍ය බැඳීමකින් බැඳෙමින් ලාංකේය ගොවි රජවරුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වී සිටීමට AMW ආයතනය බැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25