spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට මෝටර් රථ භාවිතය විධිමත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ අනෙකුත් මෝටර් රථ භාවිතය සම්බන්ධයෙන් යල් පැන ගිය ක්‍රමවේද වෙනුවට නව ක්‍රමවේද සකස් කිරීම අරමුණු කරගත් 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවක් මුදල් අමාත්‍යාශයේ දී පසුගියදා (01) පැවත් වුණා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

මෙහිදී මෙරට මෝටර් රථ භාවිතය, එකළස් කිරීම හා අලෙවිය සම්බන්ධයෙන් පවතින නීති රාමුව තුළ මහජනතාව මුහුණ දෙන ගැටළු අවම කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.

එමෙන්ම 2021 නොවැම්බර් මස 12 දිනට පෙර මෙරටට ආනයනය කළ, මෙරටදී එකළස් කරන ලද වාහන ලියාපදිංචි කිරීම පිළිබඳව 2023 අයවැය යෝජනාව පිළිබඳව අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හා අනෙකුත් පිළිවිතරයන් සකස් කරගැනීමට අවශ්‍ය සාකච්ඡා තවදුරටත් පැවැත්විය යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම සංචාරකයින් මෙරටට පැමිණෙන අවස්ථාවේ දී ඔවුන් වෙත මෙරට මෝටර් රථ ධාවනය සඳහා අවසර ලබාදීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂ්ම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?