මෙරට මෝටර් රථ භාවිතය විධිමත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ අනෙකුත් මෝටර් රථ භාවිතය සම්බන්ධයෙන් යල් පැන ගිය ක්‍රමවේද වෙනුවට නව ක්‍රමවේද සකස් කිරීම අරමුණු කරගත් 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවක් මුදල් අමාත්‍යාශයේ දී පසුගියදා (01) පැවත් වුණා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

මෙහිදී මෙරට මෝටර් රථ භාවිතය, එකළස් කිරීම හා අලෙවිය සම්බන්ධයෙන් පවතින නීති රාමුව තුළ මහජනතාව මුහුණ දෙන ගැටළු අවම කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.

එමෙන්ම 2021 නොවැම්බර් මස 12 දිනට පෙර මෙරටට ආනයනය කළ, මෙරටදී එකළස් කරන ලද වාහන ලියාපදිංචි කිරීම පිළිබඳව 2023 අයවැය යෝජනාව පිළිබඳව අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හා අනෙකුත් පිළිවිතරයන් සකස් කරගැනීමට අවශ්‍ය සාකච්ඡා තවදුරටත් පැවැත්විය යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම සංචාරකයින් මෙරටට පැමිණෙන අවස්ථාවේ දී ඔවුන් වෙත මෙරට මෝටර් රථ ධාවනය සඳහා අවසර ලබාදීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂ්ම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20