මෙරට පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට

සියලුම කටයුතු සැලසුම් කර ඇති අයුරින් සිදුවුවහොත් රුසියානු තාක්ෂණික සහාය ඇතිව පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ශ්‍රී ලංකාවේ ඉදිකළ හැකි බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පවසනවා.

බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයල මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වුණා.

ශ්‍රී ලංකාව තුළ වෑද්දුම් ශිල්පය සහ තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ නිපුණත්වයන් සහිත වෘත්තිකයන් බිහිකිරීම සම්බන්ධයෙන් මෙම කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

කොරියාව ඇතුළු කාර්මික රටවල මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් ශ්‍රී ලංකාවේ
මෙම ක්ෂේත්‍රයේ විධිමත් සහතිකයන් සමඟ පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳ කාරක සභාවේ සාමාජිකන් මෙහිදී පෙන්වා දුන්නා.

දැනටමත් මෙම අංශයේ වෘත්තීය පළපුරුද්ද ඇති සහ එම ක්ෂේත්‍රයට අලුතින් ඇතුළත් වන අය සඳහා පුහුණු සහ සහතික කිරීමේ ක්‍රමය මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයේ සිදුකරන බව නිලධාරීන් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් මෙම පුහුණුව පිළිබඳව ජනතාව අතර නිසි දැනුවත් වීමක් නොමැති බැවින් ඒ සඳහා සැලැස්මක් සකස් කර වැඩි වශයෙන් නවකයින් සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දුන්නා.

සෞදි අරාබියේ ගස් බිලියන 10ක් සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ජීවානුහරණය කළ කොහු බත් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට සෞදි අරාබිය බලාපොරොත්තු වන බව ද මෙහිදී සාකච්ඡා වුණා.

ජීවානුහරණය සඳහා පහසුකම් ලබාදීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබාගත හැකි බවයි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සඳහන් කළේ.

ඒ, අනුවල මෙම ජීවානුහරණය පහසුකම සකස් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට උපදෙස් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
3
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58