මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – සය හැවිරිදි දරුවෙක් ඇතුළු 07ක් මරුට

මෙක්සිකෝවේ අවි ගත් කල්ලියක් පොදු පිහිනුම් තටාකාංගනයකට ඇතුළුවී සිදු කළ වෙඩි තැබීමකින් සය හැවිරිදි දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 07ක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩි තබා පලාගිය පිරිස සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන අතර මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදුවූ මෙක්සිකෝ-ඇමෙරිකා දේශසීමා ආසන්නයේ පිහිටි කොර්ටසාර් ප්‍රදේශයේ මත් ජාවාරම් කල්ලි අතර ගැටුම් බහුල වශයෙන් සිදුවන බව පොලිසිය පවසනවා.