spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදු ප්‍රදේශ රළු වෙයි – ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්

ඉදිරි පැය 24ක කාලය තුළ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එම මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර 03ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතිනවා.

මීට අමතරව ගාල්ල සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?