spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුදල් වංචා කළ මන්ත්‍රීට රටින් පිටවීම තහනම්

මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයාට එරෙහිව රටින් පිටවිමේ තහනම් නියෝග අධිකරණයෙන් ලබාගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

එම තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයා මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත යොමු කළ බවද පොලිසිය කියයි.

ඩුබායි රටට පැමිණි බවට චෝදනා ලද එම මන්ත්‍රීවරයා දුරකථන ඇමතුමක් ලබා දුන් බවද බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද පෙරේරා මහතා පැවසීය

බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට ඉන්ධන තොග වශයෙන් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් ලබාගෙන මගහැර යාම මෙන්ම බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් මෙන්ම මන්ත්‍රීවරුන් කීප දෙනෙකුගෙන් හා තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන මග හැර ඇතැයි පොලිසිය කියයි.

ඊට අමතරව සැකකාර මන්ත්‍රීවරයා බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයෙකු ගේ මංගල මුදුව ඉල්ලාගෙන ගොස් තිබූ බව මන්ත්‍රීවරයකු පැවසීය.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ආර් එස් රාජපක්ෂ මහතා පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?