මුදල් කොල්ලයකට කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට

රත්මලාන ගුවන්තොටුපළ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා, එහි රියදුරු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනෙක්.

රත්මලාන ගුවන්තොටුපොළ මාර්ගයේ දී ඉකුත් 15 වනදා මෙම කොල්ලකෑම සිදුව ඇතැයි බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව, අඟුලාන, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ වෙතත් කොල්ලකෑමට ලක්වූ මුදල් සීට්ටු මුදල් බවට පවසමින් පැමිණිල්ල සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකය මත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර තිබෙනවා.

එහිදී එම ප්‍රකාශය අසත්‍ය බවට අනාවරණය වීම හේතුවෙන්, සිද්ධියට සම්බන්ධ පැමිණිලිකාර පුද්ගලයා සහ තවත් කාන්තාවක ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41