මිස් ටුවරිසම් 2022ට ලොව සුරූපිනියෝ 80ක් ශ්‍රී ලංකාවට

ලෝකයේ රටවල් 80 ක සුරූපිනියන් 80 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිත බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

මෙම සුරූපිනියන් සමග මිස් ටුවරිසම් 2022 ගෝලීය සංදර්ශනය මෙහි පැවැත්වෙනු ඇත.

මෙම සංදර්ශනය පැවැත්වීමේ ලංසුව ද ශ්‍රී ලංකාව දිනාගෙන තිබේ. මෙම සුරූපිනියන් සති 2 ක කාලයක් මෙරට රැඳී සිටින අතර ඔවුන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, හබරණ, ඇල්ල, ආරුගම්බේ, මිරිස්ස ඇතුළු සංචාරක ව්‍යාපාරය සඳහා වැදගත් ස්ථාන ද නරඹනු ඇති බව එම වැඩසටහනේ ජාතික අධ්‍යක්‍ෂ මලිත් රණසිංහ සහ ප්‍රධාන උපදේශක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු යන මහත්වරු පවසති.

මෙම මිස් ටුවරිසම් වර්ල්ඩ් අවසන් මහ තරගය දෙසැම්බර් 8 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙයි. රට පිළිබඳ ලෝකයේ ප්‍රශංසාව හා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය තකා මෙම වැඩපිළිවෙළ සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ අදහසක් පරිදි ඇගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00