මිලියන 60කට අධික හෙරොයින් සමඟ අයෙක් අඟුණකොළපැලැසේ දී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ ග්‍රෑම් 03ක් සමඟ පුද්ගලයෙක් අඟුණකොළපැලැස්ස, මුලනගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් තොගයේ වටිනාම රුපියල් මිලියන 60කට අධික බවයි පොලිසියට සඳහන් කළේ.

අම්බලන්තොට පොලිසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

https://youtu.be/sdGD9CEB-iY


අපගේ නවතම වීඩියෝ පුවත්