මිරිස්ස මුහුදේ දී හෙරොයින් තොගයක් සමඟ ඇල්ලූ සැකකරුවන් සතියක් රඳවා තබා ගැනීමට අවසර

මිරිස්ස ධීවර වරායට ආසන්න මුහුද ප්‍රදේශයේ දී පසුගිය 05 වනදා නාවික හමුදාව විසින් සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වුණා.

එහිදී සැකකරුවන් 06 දෙනෙකු එම මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට පත් වූ අතර, මෙහිදී හෙරොයින් කිලෝ 23යි ග්‍රෑම් 235ක් සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමෙන් පසු ඊයේ (06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝග කෙරුණේ විමර්ශන කටයුතු සඳහා දින 07ක් ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙසටයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිරිස්ස, කුඹුරුගමුව සහ පිටිගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33ත් 42ත් අතර වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43