spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාලිංග යළිත් මුම්බායි පවුල සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යළිත් මුම්බායි ඉන්දියන්ස් සමඟ එක්ව ඇති බව වාර්තා වනවා.

ඇමරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ දී මුම්බායි නිව්යෝර්ක් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වශයෙන් ඔහු මෙලෙස එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේජර් ලීග් විස්සයි විස්ස තරගාවලිය ලබන ජූලි 13 වැනිදා උතුරු ටෙක්සාස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර, කණ්ඩායම් 06ක් මේ සඳහා එක්වීමට නියමිතයි.

මුම්බායි නිව්යෝර්ක් කණ්ඩායම මේ වනවිට තෝරා පත්කරගෙන අවසන් අතර, එහි නායකත්වය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් හට හිමිව තිබෙනවා.

එම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
7
+1
4
+1
2
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?