මාලන් සැමුවෙල්ස්ට වසර 06ක ජාත්‍යන්තර තරග තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් හට වසර 06ක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

ඒ එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ (ECB) දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමට එරෙහිවයි.

සැමුවෙල්ස් ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් ඉදිරියේ දී වරදකරු බවට පත්වුණා.

2021 සැප්තැම්බර් මාසයේ දී ICC විසින් (ECB) සංග්‍රහය යටතේ නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියා ලෙස) චෝදනා ලැබූ සැමුවෙල්ස්, පහත සඳහන් වැරදි 04 සම්බන්ධයෙන් මෙම වසරේ අගෝස්තු මාසයේ දී විනිශ්චය සභාව විසින් වරදකරු කරනු ලැබුවා.

සැමුවෙල්ට එල්ල ව ඇති චෝදනා අතර; 2.4.2 වගන්තිය (බහුතර තීන්දුවකින්) නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාට හෙළිදරව් කිරීමට අපොහොසත් වීම, සහභාගී වන්නාට හෝ ක්‍රීඩාවට උදාවිය හැකි තත්ත්වයන් යටතේ සිදු කරන ලද හෝ ලබා දුන් කිසියම් තෑග්ගක්, ගෙවීමක්, ආගන්තුක සත්කාරයක් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලැබීම තුළින් ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත් කිරීමත්,

වගන්තිය 2.4.3 යටතේ ඒකමතික තීරණයකින් සැමුවෙල් ව වරදකරු බවට පත් කෙරුණා.

ඒ එක්සත් ජනපද ඩොලර් 750 හෝ ඊට වැඩි වටිනාකමක් සහිත ආගන්තුක සත්කාර සඳහා නම් කරන ලද දූෂණ විරෝධී නිල කුවිතාන්සිය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනුයි.

එමෙන්ම වගන්තිය 2.4.6 (ඒකමතික තීරණය) යටතේ නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම, 2.4.7 වගන්තිය යටතේ විමර්ශනයට අදාළ විය හැකි තොරතුරු වසන් කරමින් නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන චෝදනා සම්බන්ධයෙනුයි මාලන් සැමුවෙල් වරදකරු බවට පත් වූයේ.

මෙම තහනම මෙම මස සිට ක්‍රියාත්මක වනු ඇති.

ICC සාමාන්‍යාධිකාරී මානව සම්පත් සහ අඛණ්ඩතා ඒකකයේ Alex Marshall පැවසුවේ, “සැමුවෙල්ස් දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ අතර, එම කාලය තුළ ඔහු දූෂණ විරෝධී සැසි රැසකට සහභාගී ව ඇති බවත්; දූෂණ විරෝධී සංග්‍රහයන් යටතේ ඔහුගේ වගකීම් මොනවා දැයි හරියටම දැන සිටිමින් මෙවැනි ක්‍රියාදාමයන්ට එක් ව තිබීම වරදක් බවයි.

සැමුවෙල් මේ වනවිට විශ්‍රාම ගොස් සිටියද, දූෂණ සිදුවන විට දී ඔහු ක්‍රීඩකයෙක් වීම හේතුවෙන් මෙම ජාත්‍යන්තර ක්‍රිකට් තහනම පැනවීමට තීරණය කළ බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවා.

මාලන් සැමුවෙල් බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ දක්ෂ පිතිකරුවෙකු වන අතර, ඔහු ජාත්‍යන්තර එක්දින තරග 207කටත්, ටෙස්ට් තරග 71කටත් සහ පන්දුවාර 20 තරග 10කටත් එක් ව සිටි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12