මාර ගස තවත් ජීවිතවලට මාරයෙක් වෙයි ද? – ජනතාව බියෙන්

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඕපනායක, උඩවෙළ ප්‍රදේශයේ මාර්ගයේ පිහිටා ඇති විශාල මාර ගසක් මේ වනවිට ජන ජීවිතයට දැඩි තර්ජනයක් ව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මෙම මාර ගස බොහෝ සෙයින් ප්‍රධාන මාර්ගය දෙසට ඇළ වී තිබෙන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය ප්‍රදේශවාසීන්ට වැඩි වශයෙන් බිය වන්නට සිදු ව ඇති කාරණයක් බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පෙන්වාදෙනවා.

මීට පෙර ද රටේ විවිධ තැන්වල මහා මාර්ගයට විශාල ගස් කඩා වැටීමෙන් වටිනා ජීවිත මෙන් ම දේපොළ හානි ද සිදු වූ වග ප්‍රසිද්ධ රහසක්.

එවන් පසුබිමක කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ උඩවෙළ නගරයේ සිට මීටර් 100ක් පමණ ඕපනායක දෙසට වෙන්නට ඇති මෙම මාර ගස ඉක්මනින් වගකිව යුතු ප්‍රාදේශීය පාලකයින් විසින් හෝ කපා ඉවත් කිරීම සිදු කළ යුතු බවටයි ජනතාව පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම මාර ගස ආසන්නයේ විදුලි රැහැන් පද්ධතියක් සේ ම දූරකථන රැහැන් පද්ධතියක් ද පවතින බවත් ජනතාව පෙන්වා දෙනවා.

එබැවින් වහාම අනතුරක් වන්නට පෙර මෙම ගස කපා ඉවත් කර දෙන ලෙසටයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56