මාධ්‍යවේදිනියකට වන්දි ගෙවන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග

මෙවර අමෙරිකානු ජනාධිපති සටනට එක්ව සිටින හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන ඊ.ජීන් කැරොල් වෙත ඩොලර් මිලියන 83.3 මුදලක වන්දියක් ගෙවන ලෙස මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ‍ප්‍රකට ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන සමයේ තමන් දූෂණය කළ බවට කැරොල් නැගූ චෝදනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මාධ්‍යවේදනීයක ලෙස ඇය ගොඩනගාගෙන තිබූ කීර්ති නාමයට හානි වූ බව පවසමින් ඊ.ජීන් කැරොල් ගොනු කළ නඩුකරයක චෝදනා ඔප්පු වීම නිසාවෙන්.

1990 දශකයේ මැද භාගයේදී මෑන්හැටන් හි බර්ග්ඩෝෆ් ගුඩ්මන් වෙළඳසැලක ඇඳුම් පැළඳුම් කාමරයකදී ඔහු ඇයව දූෂණය කළ බවට ප්‍රකට විලාසිතා සඟරාවක් වන එල්ලේ සඟරාවේ හිටපු තීරු ලිපි රචිකාවක් වූ ඊ. ජීන් කැරොල් 2019 නොවැම්බර් මාසයේදී ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරුවා.

කෙසේ වෙතත් මීට මාස පහකට පෙර ට්‍රම්ප් එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

වසර පහක් පුරා විභාග කෙරුනු නඩු විභාගයකින් පසු මෑන්හැටන් ෆෙඩරල් උසාවි ජූරී සභාවට මෙම තීන්දුව ලබා ගැනීම සඳහා වය වූයේ පැය තුනකට අඩු කාලයක්.

හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරයාට වන්දි ලෙස ගෙවීමට නියම කර ඇති මුදල කැරොල් ඉල්ලා සිටි අවම වන්දිය වන ඩොලර් මිලියන 10 ඉක්මවීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත් තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමටයි හිටපු ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

මෑන්හැටන් ෆෙඩරල් අධිකරණයේ එම තීරණය මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයට එක්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ප්‍රබල ලෙස බලපානු ඇති බවටයි දේශපාලන විචාරකයින් අනාවැකි පළ කරන්නේ.

ට්‍රම්ප් 2020 ජනාධිපතිවරනයේ දී ඔහුව පරාජය කළ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ජෝ බයිඩන්ට අභියෝග කිරීමට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වන නාමයෝජනා අපේක්ෂකයින් අතරින් ඉදිරියෙන්ම සිටිනවා.

මෙම නඩුකරය විභාග කෙරෙන බොහෝ අවස්ථාවල දී අධිකරණ භූමියේ සිටි ඩොනල්ඩ් ඩ්‍රම්ප් තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ අධිකරණ ශාලාවේ සිටියේ නැහැ.

කෙසේ වෙතත් තීන්දුව සම්බන්ධයෙන් පසුව අදහස් දැක්වූ ඩොනල් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණේ “අපගේ නීති පද්ධතිය පාලනයෙන් තොරයි. එය දේශපාලනය සඳහා අවියක් ලෙස භාවිතා කරනවා. තවදුරටත් මෙය ඇමරිකාව නොවේ” යනුවෙනුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32