මහ බැංකුවෙන් අතුරුදන් වූ ලක්ෂ 50ක මුදල් සොරා ගැනීමක් නොවන බවට සැකයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ” නිකුතු සුරක්ෂිතාගාරයේ ” තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම අංශයේ එදින සේවය කළ 15 දෙනෙකුගෙන් පමණ පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසනවා.

ඊට අමතරව CCTV දර්ශන රැසක් ලබා ගෙන ඒ ඔස්සේ ද විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

රුපියල් ලක්ෂ 50ක් අඩංගු මුදල් බණ්ඩලයක් අස්ථානගතව ඇති බවට මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ. ආර්. දයානන්ද මහතා විසින් පෙරේදා (11) කොටුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

මහ බැංකු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබියදී මෙම මුදල් අස්ථානගත වී ඇති බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ.

මුදල් තිබූ රාක්කයේ රුපියල් 5000 මුදල් නෝට්ටු 1000 බැගින් අඩංගු බණ්ඩල 8000ක් පමණ තිබී ඇති අතර පෙරේදා රුපියල් බිලියන 25ක පමණ මුදලක් බැංකුවෙන් බැහැරට ගෙන ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ වන විට කොටුව පොලිසියේ විමර්ශන කණ්ඩායමක් මහ බැංකුව වෙත ගොස් පෙරේදා (11) දිනයේ සේවයේ නියුතුව සිටි  පිරිසෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව සඳහන්.

ලක්ෂ 50කින් යුත් මුදල් බණ්ඩලය අත් වැරදීමකින් වෙනත් රාක්කයක් වෙත රැගෙන ගියේද යන්න සම්බන්ධයෙන් සැකයක් පැවතුන ද මේ සම්බන්ධයෙන් අපරාධයක් සිදු වූ ආකාරයට විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඊට අමතරව මහ බැංකුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මුදල් ගණනය කිරීමේ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48