spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ දවාලේ යතුරුපැදියකින් ඇවිත් තරුණියක් පැහැරගත් හැටි CCTV කැමරාවේ (වීඩියෝ)

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් 19 හැවිරිදි තරුණියක් මහ දවාලේ පැහැරගෙන යාමේ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (21) වාර්තාකර තිබුණා.

ඊයේ (20) උදෑසන ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් හි ග්වාලියර් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, අදාළ තරුණිය බස් රථයකින් බැස යමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මැයව පැහැරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස පහර ගැනීමට ලක් වූ තරුණිය මධ්‍ය ප්‍රදේශ්හි ඩටියා ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ රඳවාගෙන සිටිය දී සොයා ගැනීමට එරට පොලීසියට හැකිව තිබෙනවා.

මෙම පැහැරගැනීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම පැහැරගැනීම සිද්ධිය අසල තිබූ ඉන්ධන පිරවුම්හලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
2
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?